Colombo Today Local News

හිටපු ඇමති තොන්ඩමන්ගේ අවමංගල්‍ය උත්සවයට ගිය තිදෙනෙක්ට කොරෝනා රෝග ලක්ෂණ

හැටන් දිඹුල ප්‍රදේශයේ දමිල පුවත් පත් කිහිපයක ප්‍රාදේශිය මාධ්‍යයවේදියෙකු වශයෙන් කටයුතු කරන අයෙකු සහ ඔහුගේ නිවසේ සිටි අයෙකුත්, රියදුරෙකු අද (02) දින සිට දින 14 ක් ස්වයං නිරෝධනයට යොමු කල බව කොටගල මහජන සෞඛ්‍යය පරික්ෂක සෞන්දර් රාගවන් පවසනවා.

අදාල මාධ්‍යයවේදියා අභවප්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් ගේ දේහය බත්තරමුල්ල ප්‍රදේශයේ ඔහුගේ නිවසේ සහ ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ තැන්පත් කර තිබු අවස්තාව මාධ්‍යය ආවරණ කටයුතු සදහා එම ප්‍රදේශයට ගොස් ආපසු පැමිණ තිබේ.

අනතුරුව ඔවුන් හිටපු අමාත්‍යවරයාගේ අවසන් කටයුතු සිදු කිරිමෙන් පසු එම මාධ්‍යයවේදියාට කොරෝනා රෝග ලක්ෂණ කිහිපයක් මතු වි ඇති බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටියේ.

එම ප්‍රාදේශිය මාධ්‍යයවේදියා ඔහුට රෝගි ලක්ෂණ මතුවිම නිසා දික්ඔය මුලික රෝහල වෙත ගොස් පි.සි.ආර් පරික්ෂණයක්ද සිදු කරගෙන ඇත.

පි.සි.ආර් පරික්ෂණ වාර්තාව ලැබිමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් යලිත් වතාවක් පි.සි.ආර් පරික්ෂණයකට යොමු කරන බවත් එතෙක් එම ප්‍රාදේශිය මාධ්‍යයවේදියා අනෙකුත් දෙදෙනා හැටන් දිඹුල ප්‍රදේශයේ ඔහුන් පදිංචි නිවාස වලම ස්වයං නිරෝධනයට යොමු කල බව මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා වැඩි දුරටත් කියා සිටියේය.

Related posts

මැතිවරණ දිනය අභියෝගයට ලක් කර ගොනු කළ පෙත්සම් සලකා බැලීම අද 6 වන දිනටත් සිදු කෙරේ

colombotoday

තෙවන පාසල් වාරය ආරම්භය සති දෙකකින් කල්දැමේ

colombotoday

කොරෝනා පැණිය නිෂ්පාදනයට තාක්ෂණික සහය

colombotoday

ඊළමයි, ද්විත්ව පුරවැසිභාවයයි දෙකම දෙනු ! ජය ලලිතාත් බරටම ඉල්ලයි

colombotoday

උතුම් වප් පුර පොහොය අදයි…

colombotoday

ආර්ථික වැඩපිළිවෙල ප්‍රමාද වුණේ කුහක ශ්‍රීලනිප ඇමතිලා නිසයි (Video)

colombotoday