Colombo Today Local News

සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවෙක් අත්අඩංගුවේ

ගල්කිස්ස පොලිස් වසමේ සොයිසාපුර ‍ප්‍රදේශයේ පිහිටි හෝටලයකට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය (29) වන දා අළුයම සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකට ‍වැගන් ආර් කාර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් ස්වයංක්‍රීය ගිනි අවිවලින් එම හෝටලයේ වීදුරුවලට වෙඩි තබා තිබුණි.

පසුව ඔවුන් පලා ගොස් තිබුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි අංශයේ නිලධාරින් විසින් ඊයේ (30)දින රාත්‍රී 8.00 ට පමණ එලුවිල, පානදුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිස් ‍ස්ථානයට ඉදිරිපත් කර තිබේ.

මෙම අත්අඩංගුවට ගත් සැකකරු 2018.05.24 වන දින දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු වන අතර, ඔහු දැනට රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර සිටින පුද්ගලයෙකු වන බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 34 ක් වු සමුද්‍රාසන්න පාර, අඟුලාන, මොරටුව යන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු බාරයේ තිබී ජංගම දුරකථනයක් හා සිම් කාඩ්පතක් පොලිස් බාරයට ගෙන තිබේ.

සැකකරු අද(31) ගල්කිස්ස ‍මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

නියෝජ්‍ය නගරාධිපති නියාස් වලලන්න ඉල්ලා බැණ තර්ජනය කිරීම. | ගාල්ලේ සෞඛ්‍ය නිලධාරීහු වෘත්තිය ක්‍රියාමාර්ගයකට සැරසෙති.

colombotoday

මේ මැතිවරණයේදී අපි බලය ඉල්ලනවා මෙතුවක් කල් පෙන්නල දුන්න අනතුරෙන් රට මුදවා ගන්න – ඥානසාර හිමි මැතිවරණයට

colombotoday

ලංකාවේ ව්‍යවස්‌ථාව වෙනස්‌ කරන්න නෝර්වේ මැදිහත් වෙයි ! උපදෙස් දෙන්න නෝර්වීජියානුවෙක් හෙට දිවයිනට එයි

colombotoday

පොල්වත්ත පවුලෙන් පොළොන්නරුව රණවිරුවෙකුට විද්‍යුත් ආරෝපිත යතුරු පැදියක් පරිත්‍යාග කෙරේ…

colombotoday

අන්‍යාගම්කරණයට ලක් කරන ආගමික මධ්‍යස්ථානවලට එරෙහිව නීතිමය පියවර

Admin

පළා ගිය කොරෝනා ආසාදිතයා ජාතික රෝහලේ OPD පෝලිමෙන් අල්ලාගනී

colombotoday