World

මුස්ලිම් සමලිංගිකයන්ට ෂරියා නීතියෙන් දඬුවම් කිරීමට එරෙහි පෙත්සමක් සලකා බැලීමට මැලේසියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දෙයි

ඉස්ලාමීය ලිංගික තහනම අභියෝගයට ලක් කර ගොනු කර ඇති පෙත්සමක් සලකා බැලීමට මැලේසියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසර ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

“LGBT+ rights” සංවිධානය පවසන්නේ ඉස්ලාමීය නීති රටේ සමලිංගික ප්‍රජාව ඉලක්ක කර වැඩි වැඩියෙන් භාවිතා කර ඇති බවයි.

30 හැවිරිදි වියේ පසුවන මෙම නඩුව ගොනු කල මුස්ලිම් ජාතිකයාගේ විස්තර ඔහුගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඔහුගේ නීතිඥයා විසින් හෙළි නොකර ඇති අතර, සමලිංගික ඇසුරට තැත් කිරීම සම්බන්ධයෙන් 2018 දී අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු මෙම නඩුව ගොනු කර ඇත.

මුස්ලිම් බහුතරයක් වන මැලේසියාවේ සමලිංගික ක්‍රියාවන් නීති විරෝධී වේ. ප්‍රාන්ත 13 ක් ඇති රට තුළ ද්විත්ව නීති පද්ධතියක් ක්‍රියාත්මක වන අතර ඉස්ලාමීය අපරා සහ ඉස්ලාමීය පවුල් නීති සිවිල් නීති සමඟ ක්‍රියාත්මක වේ.

ඔහු අත්අඩංගුවට ගත් ස්ථානය වන මධ්‍යම සෙලන්ගෝර් ප්‍රාන්තයේ සමලිංගික ලිංගිකත්වය දැනටමත් සිවිල් නීති යටතේ අපරාධයක් වන බැවින් ඉස්ලාමීය නීතිය යටතේ දඬුවම් කිරීමට බලයක් නොමැති බව ඔහු තර්ක කර ඇත.

“(අප දිනුවහොත්), ඉස්ලාමීය රාජ්‍ය නීතිය අවලංගු වන අතර ෂරියා අධිකරණයේ ඇති අපරාධ චෝදනා ඉවත් කළ යුතුය,” නීතිඥ සුරේන්ද්‍ර මහතා පැවසීය.

සෙලන්ගෝර් හි පෞද්ගලික නිවසක සිදුකළ වැටලීමකදී සමලිංගික ඇසුරක් පැවැත්වීමට තැත් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පුද්ගලයින් 11 දෙනා අතර මෙම පෙත්සම් කරුද සිට ඇත.

Related posts

සෞදි කාන්තාවන්ගේ හිජාබය සහ බුර්කාව ගැලවේ? මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ තීරණය මෙන්න

colombotoday

රුසියාවෙන් යුක්‍රේනයේ ප්‍රදේශ කිහිපයකට මිසයිල ප්‍රහාර

Admin

ISIS ත්‍රස්තවාදීන්ගෙන් රසායනික අවි ප්‍රහාරයක්?

colombotoday

හමාස් සංවිධානය භාවිත කළ තවත් උමං ජාලයක් සොයා ගනී

Admin

‍බෝයිං 737 MAX 8 ගුවන් යානා භාවිතය නතර කෙරේ

colombotoday

තලේබාන් රජය ඇෆ්ගනිස්ථාන කි‍්‍රකට් පාලක මණ්ඩලයේ ප‍්‍රධාන විධායක නිලධාරීයා නෙරපති

colombotoday