Colombo Today Local News

කොරෝනා රෝගීන් ටික ලංකාවට එව්වා. අපිට බෝම්බයක් ගැහුවා. කුවේට් රාජ්‍යයේ තුට්ටු දෙකේ වැඩේ ගැන මහින්දානන්ද කියයි.

කුවේට් සිට මෙරටට පැමිණි විශාල පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබීම පිළිබඳව ඊයේ (25) පැවති රුපවාහිනී සාකච්ඡාවකදී හිටපු රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් කුවේට් රාජ්‍යය සිදුකල ඉතා බාල ක්‍රියාවක් ගැන හෙළිකර සිටියා.

මේ අය අපි තෝරා ගත්ත කට්ටියක් නෙවෙයි. ඒ රටේ ඒ ගොල්ලොම තෝරාගෙන ඒ ගොල්ලොගේම ගුවන් යානයකින් එවපු කට්ටියක්. අපේ රටෙත් බබ්බු නෙවෙයිනේ ඉන්නේ. මේක ඉතාම පැහැදිලියි එහේ ඉන්න අපේ කොවිඩ් ලෙඩ්ඩු ටික මෙහෙට එව්වා. අපිට බෝම්බයක් ගැහුවා කියන එක තමයි අපිට තේරෙන්නේ. ඒ නිසා මේවා අපිට හොඳ පාඩම්.

මේ පිළිබඳව ශ්‍රී ලංකා රජය කුවේට් රාජ්‍යයෙන් කරුණු විමසිය යුතු අතර මෙරට ජනතාව දැඩි අවදානමකට හෙලීම පිළිබඳව කුවේට් රාජ්‍යයට එරෙහිව ලෝක සඛ්‍ය සංවිධානය ඇතුළු ආයතනවලට පැමිණිලි කිරීමට කටයුතු කළ යුතු බවයි අපගේ හැඟීම.

Related posts

කැබිනට් යෝජනා ඉදිරිපත් කිරීමට පෙර අපේ අනුමැතිය ලබාගත යුතුයි, එය එකගතාවයක්…

colombotoday

ජනපති-අගමැති කඹ ඇදිල්ලෙන් ආර්ථිකය හතරගාතෙන් වැටේ.. රුපියල ඉතිහාසයේ දරුණුම කඩා වැටීම වාර්තා කරයි

colombotoday

පංති කාමරයේ විදුලි පංකාවක ගැටී පාසල් සිසුවෙක් මරුට

Admin

ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

colombotoday

සම්මුතිය දෙදරයි ! යාපාගේ කාර්යාලය කබීර් අල්ලා ගනී.. ඇමතිකමේ වැඩ බාර නොගෙන යාපා හැරී යයි..

colombotoday

බටහිර පර්යන්තය ඉන්දියානු රජය සමග සංවර්ධනයට තීරණයක්

colombotoday