අද දිනයේ දහවල් 1.00 වන විට තවත් කොරෝනා ආසාදිත රෝගීන් 07 දෙනෙක් වාර්තා වී ඇත. ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 1148ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙම රෝගීන් 07 දෙනා කුවේට් සිට මෙරටට පැමිණි අය බවයි සෞඛ්‍ය අංශ සඳහන් කලේ.
මේ අතර කොරෝනා ආසාදනය වූ තවත් රෝගීන් 29 දෙනෙක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙන අතර සුවය ලැබූ මුළු සංඛ්‍යාව 695ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.