Colombo Today Local News

කොටන තුවක්කුවක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිස් කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකය එක්ව 2020 මැයි මස 22 වන දින හම්බන්තොට ගොන්නොරුව ප්‍රදේශයේ සිදු කළ ‍සෝදිසි කිරීමකදී දේශීය නිශ්පාදිත කොටන තුවක්කුවක් සමඟ සැකකරුවෙකුඅත්අඩංගුවට ගන්නා ලදි.

නීති විරෝධී ක්‍රියාවන් වැළැක්වීම සඳහා නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් දියත් කරනු ලබන අතර, ඒ අනුව 2020 මැයි මස 22 වන දින හම්බන්තොට පොලිස් කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකය හා එක්ව හම්බන්තොට ගොන්නොරුව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී දේශීය නිශ්පාදිත කොටන තුවක්කුවක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා වයස අවුරුදු 52ක් වන දෙබරවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ කොටන තුවක්කුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා හම්බන්තොට පොලිස් ස්ථානය වෙත භාර දෙන ලදී.

Related posts

දේපල තහනම් කිරීමේ වෙන්දේසියක් කඩිනමින් සිදුකිරීමට අල්ලස් අධිකරණ රෙජිස්ට්‍රාර්වරියක් අත්අඩංගුවට

colombotoday

පොලිස්පති ලබන සතියේ ඉල්ලා අස්වන ලකුණු….

colombotoday

අවුරුදු 15 ට වැඩි සියලුම පුරවැසියන්ට ඉලෙක්ට්‍රොනික ජාතික හැඳුනුම්පත්

colombotoday

හිටපු ජනපති මෛත්‍රීපාල යාපනයේ සංචාරයක

Admin

ආදාහනය කරන්නේ නෑ කියලා කුරානයේ තියෙනවා | අසාද් සාලි පෙන්නපු කුරාන් වැකිවල එහෙම දෙයක් නෑ

colombotoday

මධුෂ් මංකොල්ල කෑ කෝටි 700 දියමන්තිය ඩුබායි ගෙන ගියේ රයන්ද?

colombotoday