Colombo Today Local News

කොළඹ තදබදයට කඩිනමින් විසදුමක්- ‘Park and Drive’ ළඟදීම

සතියේ දිනවල කොළඹ නගරය තුළ පවත්නා දැඩි වාහන තදබදයට පිළියමක් ලෙස ‘Park and Drive’ ක්‍රමවේදය කඩිනමින් හඳුන්වා දීමට උත්සාහ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යෝජනා කර තිබේ.

සිය මෝටර් රථවලින් නගරයට එන කාර්යාලවල රැකියාවන්ට යන පිරිස්වලට ඔවුනගේ මෝටර් රථ තෝරාගත් ස්ථානයක නවතා තබා බස් රථවලින් ගමන් කිරීමට අවස්ථාව සැලසීම මෙම ක්‍රමවේදයේ අරමුණයි.

මේ සඳහා ගමනාගමන මණ්ඩලය හරහා ගත හැකි ක්‍රියාමාර්ග ගැන යෝජනා කරන ලෙස ජනාධිපතිවරයා ලංකා ගමනාගමන මණ්ඩලයේ බලධාරීන්ව දැනුවත් කිරීමට ඉකුත් බ්‍රහස්පතින්දා (21) දින පියවර ගෙන තිබේ.

ලංකා ගමනාගමන මණ්ඩලයේ ආදායම් තත්ත්වය ශක්තිමත් කරලීමට ලංගමය සතු 4500ක් වන දක්ෂ කාර්මික ශිල්පීන්ට ආයතනයෙන් පිටත නඩත්තු කටයුතු භාර ගැනීමට කටයුතු යෙදීම හා ලංගමය සතු ප්‍රයෝජනයකට නොගෙන වල් බිහිවී හා නිරපරාදේ ඇති ඉඩම් නිසි කළමනාකරණයකින් මුදල් උපයන තත්ත්වයකට පත් කිරීමටද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත.

Related posts

කොන්දේසි කිහිපයකට යටත්ව හෙට සිට ගෑස් වෙළඳපොලට

colombotoday

“බැඳුම්කර වංචාවෙන් වාර්ෂිකව මිලියන 5200ක ශුද්ධ ලාභයක් රජයට අහිමියි“ – බැසිල්

colombotoday

ජුනි 2ට පෙර නව පාර්ලිමේන්තුව රැස් නොවුණොත් ව්‍යවස්ථා අර්බුදයක්

colombotoday

දිස්ත්‍රික්ක 5ක මැතිවරණ පෙරහුරු වැඩසටහන් කිහිපයක් අද

colombotoday

මොනරාගල ගංජ SSPගේ රියැදුරුගේ සේවය අත්හිටුවයි

Admin

ලංකාවෙන් ඉන්දියාවට ගිය දෙදෙනෙක්ට කොවිඩ්

Admin