Colombo Today Local News

මෙරට සහල් හිගයක් ඇති නොවීමට පියවර ගන්න පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට ඉල්ලීමක්

මෙරට තුළ සහල් හිගයක් ඇතිවිම වැලැක්විම සඳහා තමන් සතු වී සහ සහල් තොඟ හිඟයකින් තොරව වෙළඳපොලට නිකුත් කිරිමට පියවර ගන්නා ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලීමක් කරයි. එලෙස කටයුතු නොකරන පුද්ගලයින්ට සහ ආයතනවලට එරෙහිව උපරිම නීතිමය කටයුතු කිරීමට නිලධාරින්ට උපදෙස් ලබාදී ඇති අතර මෙම වැරදි සම්බන්ධව සිදු කරන වැටලීමකට අදාල පුද්ගලයෙකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට අධිකාරියෙන් නිළධාරින්ට හැකියාවක් පවතින අතර ඒ සදහා වන නඩු පැවරීමකදී වරදකරු වුවහොත් දඩ මුදලක් සහ මාස 06ක සිර දඩුවමක් හෝ ඉන් එකක් ලබාදීමට අධිකාරියට හැකියාව පවතියි.

මේ වන විට අධිකාරිය මගින් නිකුත් කර ඇති සහල් උපරිම මිල සදහන් ගැසට් නිවේදනය ඉවත් කර ඇති බව පවසමින් සහ එම මිල ගණන් වෙනස් වන බවට පවසමින් ඇතැම් වී මෝල් හිමියන් සහ තොඟ වෙළඳුන් අසත්‍ය ප්‍රචාර සිදු කරමින් පවතින බවත් එහෙත් කිසිදු ආකාරයකින් අදාල ගැසට් නිවේදනය ඉවත් කර නොමැති අතර එම පාලන මිල ගණන් තවදුරටත් වලංගු වන බව ද එම අධිකාරිය වැඩිදුරටත් පැවසුවේය.

මේ වන විට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් සහල් වැඩි මිලට අලෙවි කරණු ලැබූ ව්‍යාපාරිකයින් සම්බන්ධ වැටලීම් 700ක් පමණ සිදු කර තිබේ.මෙම වැටලීම් ඉදිරියට ද අඛණ්ඩව ක්‍රියාත්මක කරන අතර නීතියට පටහැනිව ක්‍රියා කරන පාර්ශව වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනිමට කටයුතු කරන බවයි පාරිභෝගික අධිකාරිය සඳහන් කළේය.

පාරිභෝගික අධිකාරියේ පනතට අනුව කටයුතු නොකරන පුද්ගලයින් සම්බන්ධ තොරතුරු 1977 යන කෙටි දුරකතන අංකයට හෝ අදාල ප්‍රදේශයේ පළාත් සහකාර අධක්ෂවරුන්ට ලබා දෙන ලෙස එම අධිකාරිය ඉල්ලීමක් කරයි.

Related posts

මන්ත්‍රී දූරය රැකගන්න රතන හිමි බලෙන් ජනපති සහ අගමැති පස්සෙ යනවා – JHU

colombotoday

මහාචාර්ය චන්දිම ජීවන්දර ලෝකයේ හොඳම තරුණ විද්‍යාඥයන් හය දෙනා අතරට

Admin

ඥාණසාර හිමියන් මාස හයක් සිරගෙට…

colombotoday

හිස්වූ එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ වජිර දිවුරුම් දෙයි

colombotoday

බස්නාහිර ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක ඇතුළු 6කට නොතීසි

colombotoday

මම අධිකරණයට අපහාස කළේ නෑ – නීතීඥ සංගමයේ චෝදනාව මන්ත්‍රී සරත් වීරසේකර තරයේ ප්‍රතික්ෂේප කරයි

Admin