Colombo Today Local News

මන්ත්‍රීවරුන්ගේ රථගායට අය වැයෙන් පොල්ලක්… වාහන පර්මිට් අහෝසියි

මන්ත්‍රීවරුන් සහ රජයේ නිලධාරීන් ට ලබා දෙන සහනදායී වාහන බලපත්‍ර අහෝසි කිරීමට මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා යෝජනා කරයි.

එසේ බදු සහන ලබාදීම මගින් ශ්‍රී ලංකා ආණ්ඩුවට වාර්ෂිකව රුපියල් බිලියන 40 ක ආදායමක් අහිමි වූ බව අය වැය යෝජනා ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ ය.

සහනදායී වාහන බලපත්‍ර ලබාදීම ‘දේශපාලනීකරණය වී ඇති’ අතර, එම සහනය අවභාවිතා කරනු ලැබ ඇති බව අමාත්‍යවරයා පවසයි.

තීරු බදු සහන යටතේ ලබාදෙන වාහන වසර කිහිපයක් යනතුරු අන්සතු කිරීම තහනම් නමුත්, රහසිගතව එම වාහන ඉහල මිලකට විකුණා දමන බවට ඇමති ඇමතිවරුන්ට චෝදනා එල්ල වී තිබිණ. කෙසේ නමුත් රාජපක්ෂ පරිපාලනයේ අවසාන භාගයේදී එම වාහන විකිණීමට අනුමැතිය පළ විය.

මේ වනවිට සහනදායී වාහන බලපත්‍ර හිමිව තිබී එය අහිමි වන රජයේ නිලධාරීන්ට මූල්‍ය සහනයක් ලබාදෙන බව පවසන අමාත්‍යවරයා, ලබන වසරේ මුල සිට එය සම්පූර්ණයෙන් අවලංගු කිරීමට යෝජනා කරයි

Related posts

පොලිස් බලතල අත්හැර බලය බෙදීමට කටයුතු කරනවා – රනිල් වික්‍රමසිංහ

Admin

ණය ගැතියන්ට සහන සලසන්නැයි සියලු බැංකු වෙත උපදෙස්..

Admin

පොඩි ලැසීගේ සමීපතමයෙක් ගිනිඅවියක් සමග STF දැලේ

colombotoday

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා යළි ඇර⁣⁣ඹේ

colombotoday

48ක කාන්තාවකට කැත්තකින් පහරදී ඝාතනය කරයි

Admin

විමල්ගේ දියණියට සමාජජාලාවලින් පීඩා.. ලමාරක්ෂක අධිකාරියට පැමිණිළි කරයි

colombotoday