Colombo Today Local Newsextremism & terrorism activities

අලි සබ්‍රි කියන්නේ තක්කඩියෙක්, අන්තවාදියෙක්, ත්‍රස්තවාදියෙක් – මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමි කියයි

“මොහොමඩ් අලි සබ්‍රි කියලා කියන්නේ තවත් හකීම් කෙනෙක් තවත් බදුර්දීන් කෙනෙක්” යැයි සිංහලේ සංවිධානයේ මහ ලේකම් මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමි සඳහන් කර සිටිනවා.

නීතිඥ අලි සබ්‍රි ගේ හැසිරීම ජනාධිපතිවරයා සිටින තැන එක විදිහකුත් ඇමතිවරු ලඟදි එක විදිහකුත් මහා සංඝරත්නය ප්‍රමුඛ සභාවල තව විදිහකුත් ඔහු ඔහුගේ සමාජයට ගිය විට වෙනම විදිහකට විටින් විට වෙස් මාරු කරමින් තක්කඩි විදිහට හැසිරෙන බවත් උන්වහන්සේ අද (13) පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කර සිටියහ.

ත්‍රස්තවාදියෙක්

බොහොම වගකීමෙන් තමන්වහන්සේ පවසන්නේ අලි සබ්‍රි කියන්නේ තක්කඩි විදිහට තමන්ගේ නීතිඥ ධූරය භාවිතා කරමින් දේශපාලන සම්බන්ධකම් හදාගෙන කටයුතු කරන අන්තවාදියෙක් ඒ වගේම ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන ත්‍රස්තවාදියෙක් බවත් ඒ හිමියෝ සඳහන් කර සිටියහ.

අලි සබ්‍රි ට ජනාධිපතිවරයා සමග සම්බන්ධකම් තිබෙන්නට පුළුවන් බවත් ඔහු පිළිබඳව කතා කිරීම නිසා ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම අමනාප වීමට ඉඩ ඇති නමුත් තමන් වහන්සේට ඊට වඩා වටින්නේ රට බවත් උන්වහන්සේ අවධාරණය කර සිටියා.

පාස්කු ප්‍රහාරයට නොහිතපු පුද්ගලයෝත් අත්අඩංගුවට ගන්නා මොහොතක අලි සබ්‍රිලාගේ හැසිරීම පිළිබඳව විශාල සැකයක් තිබෙන බව සඳහන් කර සිටි ඒ හිමියෝ ආසන්නතම සිද්ධිය ලෙස මුස්ලිම් ජාතියට එරෙහි ලංකාවේ ජාතිවාදයක් ගැන ලෝකයට කියලා අපගේ රට අපකීර්තියට පත්කිරීමට කටයුතු කළ බවත් සඳහහන් කර සිටියා.

අලි සබ්‍රි රජය නියෝජනය කිරීම

අල් ජසිරා නාලිකාවට අලි සබ්‍රි පෙනී සිටින්නේ ජනාධිපති නීතිඥ අලි සබ්‍රි ලෙස නොව ජනාධිපතිවරයාගේ නීතිඥවරයා ලෙසට බවත් ඔහු එම ප්‍රකාශය ලබා දෙන්නේ රජයේ පාර්ශවය නියෝජනය කරමින් වීම විශේෂ කාරණයක් බවත් සඳහන් කර සිටි උන්වහන්සේ අලි සබ්‍රි මුස්ලිම් දේහයන් පුච්චනවද නැත්නම් වෙලාගෙන කනව ද යන්න පිළිබඳව රජය නියෝජනය කරමින් ප්‍රකාශය ලබා දී ඇති බවත් සඳහන් කර සිටියා.

මුස්ලිම් ජනතාවට විරුද්ධව සිංහල බෞද්ධයෝ ජාතිවාදීව කටයුතු කරන බවට ලෝකයට ප්‍රකාශ කර මේ සමාජයේ භීතියට පත්කර ජාතිවාදය වපුරන්නේ අලි සබ්‍රි වැන්නවුන් බවත් සඳහන් කර සිටියා.

මහා සංඝයා පෙළ ගස්සවනවා

අලි සබ්‍රි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට හිමිකම් කියන පුද්ගලයෙක් බවත් ඒ නිසා ජනාධිපතිවරයාටත්, අග්‍රාමාත්‍යවරයාටත්, බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පොහොට්ටුවේ නියෝජිතයන්ටත් මේ අලි සබ්‍රිලාට කිරි පොවන්න හදන්න එපා යැයි සඳහන් කර සිටි ඒ හිමියෝ අවසානයේදී අහක ඉන්න නයි රෙද්ද අස්සේ දාගෙන කනවා කියලා කෑ ගහන්න වෙන බවත් අලි සබ්‍රිට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් ලබා දීමට විරුද්ධව මේ රටේ මහා සංඝයා පෙළ ගස්සවන බවත් මේ රටේ දේසප්‍රේමි කඳවුරු පෙළ ගස්සවන බවත් අවධාරණය කර සිටියා.

අලි සබ්‍රි විටෙන් විට වෙස් මුහුණු දාගෙන ඉන්න පුද්ගලයෙක් බවත් මේ වන විට අලි සබ්‍රි තමාට වැඩේ වැරදුන බව දැනගත් බවත් සමාජ මාධ්‍ය තුල විශාල විරෝධයක් ඇතිවන මොහොතක ඔහු අල් ජසීරාවට කියලා ඔහුගේ ප්‍රකාශය වෙනස් කර තිබෙන බවත් පැවසු උන්වහන්සේ “ඇයි මේ තක්කඩි වැඩ කරන්නේ” යැයි විමසා සිටියා.

සිංහල ඡන්දවලින් අන්තවාදීන්ට මන්ත්‍රිකම්

සිංහල ඡන්දවලින් තමා බලයට පත්වූ බව ජනාධිපතිවරයා දිගින් දිගටම පවසන බවත් පොහොට්ටුවේ මීළඟ ආණ්ඩුව පිහිටුවන්නට වෙන්නෙත් සිංහල ඡන්දවලින් බවත් ඒ නිසා සිංහල ඡන්දවලින් මේ වගේ අන්තවාදීන්ට මන්ත්‍රිකම් දරලා කටයුතු කරන්න ඉඩ නොදෙන බවත් පැවසු උන්වහන්සේ වෙස් මුහුණු දාගෙන නටන්න එන්න එපා ඔබගේ නිරුවත අපි හෙළිකරනවා යැයි අවධාරණය කර සිටියහ.

වැඩි දුරටත් අදහස් දැක්වූ මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමියෝ…

Related posts

ආරක්ෂක ලේකම් සහ පොලිස්පති 296,297 වගන්ති යටතේ අත්අඩංගුවට ගන්න – විජේදාස ජනපතිට ලියයි

colombotoday

බදියුදීන් තවදුරටත් රිමාන්ඩ්

colombotoday

රාජිත-රන්ජන්-රංජිත් ඇතුළු හිටපු මැති ඇමතිවරුන් කිහිප දෙනෙක් අද දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනපති කොමිසමට පැමිණේ

colombotoday

බලය බෙදන ව්‍යවස්ථාව හදන ජයම්පතීට ලක්ෂ 450ක වාහනයක් !

colombotoday

ඇමති බලතල අවභාවිතා කරලා.. මුදල් ඇමති රවීට නඩු

colombotoday

බස් ගාස්තුව 15%කින් ඉහළට… ඉදිරි සතිය ඇතුළත වැඩි නොකළොත් වර්ජනයක් අනිවාර්යයි

colombotoday