Colombo Today Local News

වව්චරේ දෙන්නෙ මෙහෙමයි… පළමු වසරට රු.400යි, 13වසරට රු.1000යි

akila

නිල ඇදුම් වෙනුවට පාසල් සිසුන්ට ලබාදීමට තීරණය කර ඇති නව වව්චර ක්‍රමය යටතේ ශිෂ්‍ය භික්ෂූන් උදෙසා රුපියල් 1700ක වවුචරයක්, එක වසර සිසුන්ට එය රුපියල් 400ක්, මීට අමතරව 1000, 800, 750, 720 මිල ගණන් යටතේ වවුචර් ලබාදෙන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවස් මහතා පැවසීය.

නිල ඇඳුම් වෙනුවට සිසුන්ට වවුචර් ලබාදීමට තීරණය කළේ ප්‍රමිතියෙන් තොර ඇඳුම් ඔවුන් අතට පත්වීම වැළැක්වීමටත්, අතරමැදියන් කොමිස් ගැසීම වැළැක්වීමටත්, රුපියල් මිලියන 500ක් පමණ ඉතිරි කර ගෙන එයද අධ්‍යාපනයේ දියුණුවට යෙදවීම සඳහාත් යැයි අධ්‍යාපන ඇමතිවරයා පවසයි. මෙරට පාසල් සිසුන් ලක්ෂ 42ක් පමණ සිටින බවත්, ඔවුන්ට නිල ඇඳුම් ලබාදීම සඳහා පසුගිය වසරට රුපියල් බිලියන 2.3ක් වැය කර ඇති බවත්, නව වැඩපි‍ළිවෙළ යටතේ රුපියල් බිලියන 1.3ක් පමණ වැය වෙතැයි ගණන් බලා ඇති බවත්, අමාත්‍යවරයා කියයි.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට අද (19) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

නිල ඇඳුම් ලබාදීමේදී ඒවා නිසි පරිදි පරික්ෂා කිරීමක් සිදුනොවීම නිසා බොහෝ අවස්ථාවල සිසුන්ට ලැබී ඇත්තේ ප්‍රමිතියෙන් තොර ඇඳුම් බවත්, බවත්,නව ක්‍රමය යටතේ මවුපියන්ට තමන් කැමති හොඳ කඩයකට ගිහින් රෙදි හෝ මසා නිම කළ ඇඳුම් මිලදී ගැනීමට හැකි බවත් ඒ මහතා පෙන්වාදුන්නේය.

කෙසේ වුවද නිල ඇඳුම් වෙනුවට වවුචර් ලබාදීමට ලංකා ගුරු සංගමය මෙන්ම අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ද විරෝධය ප්‍රකාශ කර ඇති අතර ඔවුන් පවසා තිබුණේ මෙය නිල ඇඳුම් ලබාදීම ද කප්පාදු කිරීමට ගත් ක්‍රියාමාර්ගයක් ලෙසයි.

Related posts

ඩ්‍රෝන කැමරාවකින් අග්බෝ ව වීඩියෝ කරන්න ගිය අයෙක් අත්අඩංගුවට

Admin

වන්දි ඉල්ලා චීන පොහොර සමාගමෙන්,ජාතික ශාක නිරෝධායන සේවයට එන්තරවාසියක් එවයි

colombotoday

අපි ජනාධිපති කලේ වැරදි පුද්ගලයෙක්.. රාජපක්‍ෂලා ආවොත් අපට භයානක ඉරණමක්..- ෆොන්සේකා

colombotoday

එජාප මංත්‍රී තිදෙනෙක් දිගටම සජිත්ට උදව් කරන්න මංගලගෙන් බාර් පර්මිට් ඉල්ලලා

colombotoday

තියුණු කැපුම් තළ 300ක් කැකිරාව වැවකින් මතුවෙයි… ඕනෑම අවස්ථාවක භාවිතයට ග්‍රීස් ගල්වා තිබිලා..

colombotoday

එංගලන්තයෙන් ගෙනා තවත් අපද්‍රව්‍ය බහාලුම් 82 ක් ආපසු පිටත් කර යවයි

colombotoday