Colombo Today Local News

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 197 ක් අත්අඩංගුවේ

වසරක් සපිරුණු  පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පුද්ගලයන් 197 දෙනකු අත් අඩංගුවේ පසුවෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පුද්ගලයන් 119 දෙනෙකු ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය යටතේ පුද්ගලයන් 78  දෙනකු ද රඳවා ගෙන සිටින අතර එයින් සැකකරුවන් 92 නෙකුගෙන් රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිස් අධිකාරිවරයා පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කණ්ඩායම 11ක් ද ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයේ කණ්ඩායම් 3ක්ද ඊට අමතර ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශනය ඒකකය , සයිබර් අපරාධ විමර්ශන ඒකකය සහයත් ලබාගෙන තිබෙන අතර පරීක්ෂණ  සඳහා නවීන තාක්ෂණය ද  යොදා ගෙන ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

අනිද්දා කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

Admin

රට ගිය බදියුදීන් ආපසු එයි…

colombotoday

ආගමික වැඩසටහන් ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

Admin

“LTTEයේ සහය නොවෙන්න, ලංකාවේ තවමත් පෝලියෝ” රොටරි සමුළුවේදී අගමැතිගෙන් කොටින්ට පැසසුම්

colombotoday

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද ප්‍රමාදයි

Admin

මඤ්ඤොක්කා පැලයක් ගැල වූ සීයා පරලොව යවයි

Admin