පසුගිය දින දෙක (අප්‍රේල් 10-12) තුළ කොරෝනා (COVID-19) වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පළ කරන ලද සැකකරුවන් 7දෙනෙකු අත්අංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් බෙලිගල, කටුගස්තොට, වැලිමඩ, කඩවත, රාගම සහ නොච්චියාගම ප්‍රදේශවල පදිංචි කරුවන් වේ.
මොවුන් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කළ බව පොලීසිය සදහන් කළේය.
ඒ අනුව මෙරට තුළ කොරෝනා වෛරසය ව්‍යාප්තවීම සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ විවිධ අසත්‍ය ප්‍රචාරය කළ පුද්ගලයින් 16දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.