Colombo Today Local News

ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න ඕනෑ නැතැයි ජනපති ලේකම් මැකෝට ලියයි

පාර්ලිමේන්තු මැතිවරණය සහ නව පාර්ලිමේන්තුව කැඳවන දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමේ ප‍්‍රශ්නයක් පැන නොනගින බව ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතාට ලිපියක් යවමින් දැනුම් දී ඇත.

මහ මැතිවරණය මැයි මස 28 වැනිදා හෝ ඊට පෙර පැවැත්වීමට නොහැකි බව  ප‍්‍රකාශ කිරීම මේ අවස්ථාවේ කළ නොහකැකි යැයිද ඡන්ද විමසීමේ දිනය නියම කිරීම මැතිවරණ කොමිසමේ වගකීමක් බැවින් මැතිවරණ කොමිසමේ කටයුතුවලට මැදිහත්වීමට ජනාධිපතිවරයා අදහස් නොකරන්නේ යැයි ද ජනාධිපති ලේකම්වරයා සිය ලිපිය මගින් දැනුම් දී ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම්වරයා විසින් මෙම ලිපිය යවනු ලැබ ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් ඉත් මාර්තු මස 31 වැනිදා සහ අපේ‍්‍රල් මස 1 වැනිදා එවන ලද ලිපිවලට පිළිතුරු වශයෙනි.

ජනාධිපති ලේකම්වරයා විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට යවන ලද ලිපියේ මෙසේද සඳහන් වේ.

Related posts

මාරක ළිඳේ පඩිපෙලකින් ඇද වැටී දරුවෙක් ජීවිතක්ෂයට

Admin

ටයිටැනික් නෞකාවේ සුන්බුන් බලන්න ගිය සංචාරකයින් පිරිසක් සබ්මැරීනයත් සමග අතුරුදන්

Admin

ලෝක රන් මිල වාර්තාගත ලෙස ඉහලට

Admin

කැස්බෑව – පිටකොටුව බස් රථ සේවකයින් වැඩ වර්ජනයක

colombotoday

වද සැත්කම් ප‍්‍රශ්නයෙන් ඇමති සබ්රි කෝප වෙයි.. පාර්ලිමේන්තුව උණුසුම්

colombotoday

අගමැතිගෙන් ඇමරිකාවට සහතිකයක්

colombotoday