Colombo Today Local News

හිටපු කොටින්ට නිදහස ඉල්ලා බ්‍රිතාන්‍ය අගමැති නිවස ඉදිරිපිටත් උපවාසයක් අරඹයි

british_stick

බන්ධනාගාරගත කර ඇති කොටි ත්‍රස්ත සැකකරුවන්ට නිදහස ලබා දීම සදහා ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන ලෙස ඉල්ලමින් ලන්ඩනයේ ඊළාම්වාදී ඩයස්පොරාව විසින් උපවාසයක් අරඹා ඇත.

ශ්‍රී ලංකාවේ බන්ධනාගාරගතකර ඇති ත්‍රස්ත සැකකරුවන් ආරම්භ කර මේ වන විට තාවකාලිකව නතර කර ඇති උපවාසයට සහයෝගය දක්වමිනුත්, මේ පිළිබඳව ජාත්‍යන්තරයේ අවධානයට ගෙනයාමේ අරමුණිනුත් මෙම උපවාසය රටින් බැහැර දෙමළ ඊළාම් රජය නමින් හදුන්වා ගන්නා කල්ලියක් විසින් සංවිධානය කර ඇත.

බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස ඉදිරිපිට 2015.11.16 වන දින ආරම්භ කර ඇති මෙම උපවාසය රටින් බැහැර දෙමළ ඊළාම් රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිරුකුමරන් නමැත්තා විසින් පවත්වයි.

2015.11.18 වන දින ටොරොන්ටෝහිදීත්, නිව්යෝක්හිදීත් උපවාස පැවැත්වීමට නියමිතය.

Related posts

75 වන ජන්ම දිනයත්, උතුම් පැවිදි දිවියේ 65 වන වර්ෂ සිහිකරන මහරගම ධම්මසිරි නාහිමියෝ

Admin

මන්නාරම රදගුරු රායප්පු ජෝශප්ට එරෙහිව හින්දු ජනතාව වීදි බසී

colombotoday

රට භයානක අනතුරක් ඉදිරියේ.. කරුණාකර නවතින්න ! මාධ්‍යට වාරණය කළ ඥාණසාර හිමිගේ ප්‍රකාශය (Video)

colombotoday

මේ වසරේ සිට ක්‍රියාත්මක නව හැඳුනුම්පත

colombotoday

මත්තලට ආ එකම ගුවන් ගමනත් නවතා දමයි

colombotoday

කඩාකප්පල් ක්‍රියා වැලැක්වීමට පොලිසියට තදින් ඉන්න නියෝග

Admin