Colombo Today Local News

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දමන්න තීරණය කරයි

ගොවි ජනතාවගේ ව්‍යාපාරිකයන්ගේ මෙන්ම රටේම ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය නැවත දැනුම් දෙනතුරු වසා තැබීමට තීරණය කළ බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති ඡන්න ඇරෑවුල මහතා අද (07) පස්වරුවේ පැවසීය.

රටේ පවතින තත්ත්වය පිළිබඳව ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන විශාල ජනතාව සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකිරීම හේතුවෙන් සහ මෙම වෛරස් තත්ත්වය පැතිර යෑමේ දැඩි අවදානම පිළිබඳව බැසිල් රාජපක්ෂ මහතා සමගත් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සමඟ වෙළෙඳ සංගමය දීර්ඝ වශයෙන් සාකච්ඡා කර මෙම තීරණයට එළඹි බව සභාපති චන්ද්‍ර මහතා පැවසීය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පසුගිය දින තුනේ සිට වසා දමා තිබුණු අතර 08 වන දින නැවත විවෘත කිරීමට නියමිතව තිබිණි .

කෙසේ වෙතත් ඇදිරි නීතිය ලිහිල් වූ අවස්ථාවේ ජනතාවගේ හැසිරීම සහ වෙනත් ආර්ථික මධ්‍යස්ථාන වල ජනතාව හැසිරුණු ආකාරය පිළිබඳවයි දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ගොවීන්ගේ ව්‍යාපාරිකයන්ගේ මෙන්ම ජනතාවගේ ආරක්ෂාව ගැන හිතා මෙම තීරණයට එළඹි බව ඒ මහතා සඳහන් කළේය.

ආර්ථික මධ්‍යස්ථානයට එළවළු සපයන ගොවීන්ගේ නිෂ්පාදන මධ්‍යස්ථාන ව්‍යාපාරිකයින් හරහා මිලදී ගෙන ඒවා දිවයින පුරා විසිරී සිටින ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා බෙදා හැරීමේ නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.

ඒ අනුව විශාල වශයෙන් ජනතාව එක්රැස් නොවීගොවි නිෂ්පාදන පාරිභෝගික ජනතාව අතරට පත් කිරීම සඳහා අවශ්‍ය පියවර මේ වන විටත් ගනිමින් තිබුණ බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ක්‍රිඩා අමාත්‍යංශ ලේකම් ජනාධිපති කාර්යාලයට කැඳවයි

Admin

ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය සුඩානය හා සම මට්ටමට

colombotoday

ව්‍යවස්ථා සම්පාදක කමිටුවලින් ඒකාබද්ධ විපක්ෂය ඉවත්වෙයි

colombotoday

ජනපති රනිල් තෙවැනි චාල්ස් රජු හමුවෙයි

colombotoday

යතුරුපැදි රේස් ගිය තරුණයෙක් මරු දකී

colombotoday

බෙහෙත් විසිකර මාට්ටුවූ රිෂාඩ් බදුර්දීන් ජාතික රෝහලෙන් දොට්ට දමයි. – යලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

colombotoday