World

වෛරසයක් හදන්න චීනයට සහය දුන් ඇමරිකානු මහාචාර්ය අත්අඩංගුවට. පුවත බොරුවක්

කොරෝනා වෛරස් වසංගතය මධ්‍යයේ, ඇමරිකා එක්සත් ජනපද බලධාරීන් විසින් හාවඩ් මහාචාර්යවරයෙකු වන ආචාර්ය චාල්ස් ලිබර් අත්අඩංගුවට ගෙන ඇති බවට සංසරණය වන පුවතේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව ඉන්දියා ටුඩේ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

චීන රජයෙන් තමාට ලැබුණු මුදල් සම්බන්ධයෙන් එක්සත් ජනපද බලධාරීන්ට බොරු කීම සහ වංචනික ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ආචාර්ය චාල්ස් ලිබර් 2020 ජනවාරි මාසයේදී අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු අත්අඩංගුවට ගැනීම කොරෝනා වෛරසයට කිසිදු සම්බන්ධයක් නැත.

ආචාර්ය චාල්ස් ලිබර් නැනෝ විද්‍යාඥ්ඥයෙකු වන අතර ඔහුට කොරොන වෛරසයට කිසිදු සම්බන්ධයක් නැත. ඔහු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී එම පුවත එක්සත් ජනපදයේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් පුළුල් ලෙස වාර්තා කරන ලදී. “ද නිව් යෝර්ක් ටයිම්ස්” පුවත්පතට අනුව, හාවඩ් මහාචාර්යවරයාට චීන අරමුදල් සඟවා තැබූ බවට චෝදනා එල්ල විය. ඔත්තු බැලීම හෝ චීනයට කිසිදු සංවේදී තොරතුරක් යැවීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන නොමැත.

Related posts

මියන්මාර් හමුදාව බලය අත්පත්කරගැනීම එක්සත් රාජධානිය හෙළා දකියි.

colombotoday

චීනයේ වසාදැමුණු සිනමා ශාලා යළි විවෘත කිරීමේ සූදානමක

colombotoday

TikTok සමග එක්වූ ඇමරිකානු ජනපති

Admin

බැංකුවක වෙඩි තැබීමක් – 5ක් මරුට…

Admin

රාජ්‍ය විරෝධී, ප්‍රකෝපකාරී ප්‍රකාශ කිරීම සහ ව්‍යාකූලත්වය ඇති කිරීම යන චෝදනා යටතේ හෙෆසාත්-ඉ-ඉස්ලාම් ළමා දේශක අත්අඩංගුවට

colombotoday

ගාසා තීරයේ කොටු වී සිටින පලස්තීනුවන්ට අමෙරිකාවෙන් ආධාර

Admin