Covid 19

කොරෝනා අස්සේ දංකොටුවේ දේවස්ථානයක දේවමෙහෙයක් – පිරිස පොලිස් අත්අඩංගුවට

දිවයිනටම ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවේ පුත්තලම් දිස්ත‍්‍රික්කයේ දංකොටුව – මෝරුක්කුලිය ප‍්‍රදේශයේ අපෝස්තලික දේවසභාවට අයත් දේවස්ථානයක අද (04) දහවල් දේවමෙහෙයක් පවත්වමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගත් බව දංකොටුව පොලීසිය කියයි.

දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සහ දංකොටුව පොලීසිය එක්ව සිදුකළ මෙම වැටලීමේදී  සෞඛ්‍ය අංශ සහ පොලීසිය විසින් ලබාදීඇති උපදෙස් උල්ලංඝනය කරමින් මෙම පිරිස දේවමෙහෙය පවත්වමින් සිටි බවද දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

අත්අඩංගුවට ගත් අය මෝරුක්කුලිය ප‍්‍රදේශයේම පදංචි එකම පවුලේ ඥාතීහු පිරිසක් වෙති.

අත් අඩංගුවට ගත් පිරිස මාරවිල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

තවත් කොවිඩ් මරණ 37ක්

colombotoday

කොරෝනා අධි අවදානම් දිස්ත්‍රික්ක තුනක්

colombotoday

කොරෝනා ආසාදිතයින් 49ක් හදුනා ගනී

colombotoday

ඒකල කර්මාන්ත ශාලාවක 39කට කොවිඩ්

colombotoday

තවත් කොවිඩ් ආසාදිතයින් 2,232ක්

colombotoday

කලාකරුවන්ට කොවිඩ් එන්නත කඩිනමින් ලබා දෙන්නැයි ඉල්ලීමක්

colombotoday