World

ආසාදිතයන් සහිත නෞකාවක මගීන් 4ක් මරුට

පැනමාවේ පැසිෆික් වෙරළට ඔබ්බෙන් යාත්‍රා කරන එම් එස් සාන්ඩම් නෞකාවේ මගින් සිව් දෙනකු මියගොස් ඇති බව නෞකාවේ ක්‍රියාකරු පවසා ඇත.
 
තවත් මගීන් 130කට වැඩි පිරිසක් ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝග ලක්ෂණ වලින් පෙළෙන බවත් අවම වශයෙන් දෙදෙනකුට කොරෝනා වයිරසය වැළඳී ඇති බවත් හෙතෙම පවසා ඇත.
 
මියගොස් ඇත්තේ වයස්ගත පුද්ලයන් බවද සඳහන් වේ.
 
නෞකාවේ මගීන් 1 243ක් සහ කාර්යමණ්ඩලය 586ක් සිටිති. මේ අතර වෛද්‍යවරු හතරදෙනකු සහ හෙදියන් හතරදෙනකු ද සිටින බව සඳහන් වේ.
 
මාර්තු මස 7වන දින ආර්ජන්ටිනාවෙන් ගමන් ආරම්භ කළ නෞකාව මාර්තු 21වන දින චිලියට යාමට නියමිතව තිබිණි.
 
නෞකාව පැනමා ඇල හරහා ෆ්ලොරීඩා වෙත ගමන් කිරීමට තීරණය කර ඇති නමුත් සනීපාරක්ෂක හේතූන් මත පැනමා බලධාරීන් විසින් ඇලට පිවිසීම තහනම් කර ඇත.
 
“අපට උදව් කරන්න” යැයි සඳහන් පුවරු ප්‍රදරශනය කරමින් නෞකාවේ හිරවී සිටින මගීන්  කැනඩා රජයේ සහ මාධ්‍යය අවධානය දිනා ගැනීමට ක්‍රියා කරමින් සිටින බව වාර්තා වේ.
 
නිරෝගී මගින් වෙනත් නෞකාවකට මාරු කිරීමට සැලසුම් කර ඇති බව හිමිකරුවන් පවසා ඇත.

Related posts

නේපාලයේ ප්‍රභල භූ කම්පන මාලාවක්… නවදිල්ලියත් සෙලවෙයි

Admin

“සියලු ඇමරිකානුවන් සඳහා” ජනාධිපතිවරයෙකු වීමට ලෝක බලවතාගෙන් පොරොන්දුවක්.

colombotoday

“ද එනිග්මා” වෙන්දේසියට

colombotoday

හොරකම් කරපු දියමන්තිය ඉල්ලා බ්‍රිතාන්‍ය රැජිනට ඉන්දියාවෙන් නඩු දමයි

colombotoday

ඩොනල්ඩ් ට්‍රම්ප්ට, මාර්ක් සකර්බර්ග්ට විරෝදය දක්වා Facebook සේවකයන් රාජකාරිවලින් ඉවත් වෙයි.

colombotoday

චීන රජයෙන් හලාල්කරණයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග

colombotoday