Covid 19World

කොරෝනා පාලනයට ජර්මනිය හමුදා සොල්දාදුවන් 15000ක් කැඳවයි

නව කොරෝනා වෛරස් අර්බුදය හමුවේ ජර්මානු පළාත් පාලන ආයතනවලට සහාය වීම සඳහා එරට හමුදා සොල්දාදුවන් 15,000 ක් කැඳවා තිබෙනවා.

ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් එරට හමුදා ප්‍රධානියා කියා සිටියේ සෙබළුන් COVID-19 වෛරසයට එරෙහි සටනට සහාය වීම සඳහා “පියවරෙන් පියවර” කැඳවන බවයි. කොරොනා වෛරසයට එරෙහි මෙහෙයුම සඳහා කලාපීය විධාන මධ්‍යස්ථාන හතරක් ස්ථාපිත කර ඇති බව ද ඔහු පැවසීය.

වෛද්‍ය සහ සැපයුම් අංශය සඳහා ජර්මානු හමුදාවේ සේවාව විශේෂයෙන් අවශ්‍යව පවතින බව හෙතෙම පැවසීය.

ජර්මනියේ සොල්දාදුවන් 180,000 ක් පමණ නිත්‍ය හමුදාවේ සිටියි. වෛරසය පැතිරීම නැවැත්වීම සඳහා ජර්මනිය වසා දමා ඇති මොහොතක වයිරස් රෝගීන් සිකුරාදා දින ද අඛණ්ඩව ඉහළ ගියේය.

රෝගීන් සංඛ්‍යාව 47,393 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් මරණ සංඛ්‍යාව 295 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් බර්ලිනයේ පිහිටි “කොරොන වයිරස්-මොනිටර්” වෙබ් අඩවිය පවසයි.

එරට රජය මේ සතියේ වෛරසය පැතිරීම සීමා කිරීම සඳහා නීති දැඩි කරමින් ප්‍රසිද්ධියේ පුද්ගලයන් දෙදෙනෙකුට වඩා සමාජ සම්බන්ධතා පැවැත්වීම තහනම් කළේය. අත්‍යවශ්‍ය නොවන සියලුම වෙළඳසැල් වසා දැමීමට නියෝග කර ඇත.

යුරෝපයේ කොරෝනා වසංගතයෙන් වැඩියෙන්ම පීඩාවට පත් වූ රටවල් අතර තුන්වන ස්ථානය හිමිවී ඇති නමුත් එහි මරණ සංඛ්‍යාව යුරෝපයේ වැඩියෙන්ම පීඩාවට පත් රටවල් දෙක වන ඉතාලිය සහ ස්පාඥ්ඥයට සාපේක්ෂව බෙහෙවින් අඩු මට්ටමක පවතී.

Related posts

ඉන්දු – ජපන් ඒකාබද්ධ JIMEX නාවික හමුදා අභ්‍යාසය අවසන්

colombotoday

97 හැවිරිදි ප්‍රවීණ දේශපාලඥයෙක් පාර්ලිමේන්තු අසුන රැකගන්න වෑයමක

colombotoday

මෙරට 5 වන කොරෝනා මරණයේ තහවුරු කළ තොරතුරු මෙන්න

colombotoday

ඔලිම්පික් තරග අතරතුර ISIS ප්‍රහාර සැලසුමක් ත්‍රස්තයන් 10 ක් අත්අඩංගුවට

colombotoday

ඉතාලියේ සිටියදී රෝග ලක්ෂණ තියෙද්දී, පැනඩෝල් බීලා ලංකාවට ආ දෙදෙනෙකුට කොරෝනා…. නිරෝධායනයට විරුද්ධව ගුවන්තොටුපළේදීත් යකා නටලා !

colombotoday

මිනිත්තුවකදී වේදනා රහිත මරණයක් ගෙනදෙන ‘සාකෝ’

colombotoday