World

ඉන්දියාවේ නියෝග නොතකන පුද්ගලයන්ට වෙඩිතැබීමට උපදෙස්

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය වැළැක්වීමට පනවා තිබෙන ‘ලොක්ඩවුන්’ හෙවත් රට වසා දැමීමේ නියෝග නොතකන පුද්ගලයන්ට වෙඩි තබන්නැයි ඉන්දීය බලධාරීන් නියෝග කර තිබේ.

කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ඉකුත් (24) වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ‘ලොක්ඩවුන්’ හෙවත් රට වසා දැමීමේ ක්‍රියාමාර්ගය අනුගමනය කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේය.

එහෙත් එම සීමා නොතකා ජනතාව භාණ්ඩ මිලදී ගැනීම සඳහා වෙළෙඳපොළවලට පැමිණි අතර දහස් ගණනක් වෙළෙඳපොළවල දක්නට ලැබිණි.
මේ තත්ත්වය හේතුවෙන් ඉන්දීය පොලිසියට දැඩි නීති ක්‍රියාත්මක කිරීමට සිදුව ඇත.

පනවා ඇති ‘ලොක්ඩවුන්’ හෙවත් රට වසා දැමීමේ නියෝග නොතකන පුද්ගලයන්ට පොලිසිය පොලුවලින් පහර දෙන ඡායාරූප රැසක් ප්‍රසිද්ධියට පත්ව තිබිණි.

ජනතාව ‘සෝෂල් ඩිස්ටන්සින්’ හෙවත් කායික දුරස්ථභාවය ආරක්ෂා කිරීම සඳහා ඉන්දියාවේ කඩසාප්පු ඉදිරියේ මීටරයක් ඈතින් හුණුවලින් රවුම් ද ඇඳ තිබිණි. ජනතාව කඩසාප්පුවලින් බඩු ලබාගැනීමේදී ඒ රවුම තුළ සිටිය යුතුය.

Related posts

ජපානයේ ටෝකියෝ අගනුවර භූ කම්පනයක්

Admin

අධිචෝදනා 37ක් යටතේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි නඩුව විභාගය අද

Admin

ගාසා තීරයේ කොටු වී සිටින පලස්තීනුවන්ට අමෙරිකාවෙන් ආධාර

Admin

කොරෝනා එන්නත් ප්‍රතික්ෂේප කරන්නන් සිර බාරයට

colombotoday

ඇමෙරිකන් ගුවන් ප්‍රහාර වලින් ඉරාන හමුදා නායක මරුට

colombotoday

ඉරාන ජනපතිගේ හෙලිකොප්ටරය කඩා වැටීමට හේතුව

Admin