World

කෝවිඩ් 19 මඬින්න නෙදර්ලන්තයේ සෞඛ්‍ය ඇමති විපක්ෂයෙන්

කෝවිඩ්-19 යනුවෙන් නම් කර ඇති නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය වැළැක්වීමේ සටනට සහාය වීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරයකු නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කිරීමට නෙදර්ලන්ත අග්‍රාමාත්‍ය මාර්ක් රට ඉකුත් දා පියවර ගත්තේය.
 
නෙදර්ලන්තයේ කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරයකු වන හෙතෙම මීට පෙර එම පක්ෂය බලයේ සිටින විට සෞඛ්‍ය අමාත්‍ය ධුරය හෙබවීය. ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ වයිරසය නෙදර්ලන්තය තුළ පැතිර යෑම වැළැක්වීම සඳහා මාර්ටින් වැන් රයින් පත් කරන බව නෙදර්ලන්ත අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
 
ඒ අනුව තාවකාලිකව ඔහු එම අමාත්‍ය ධුරයට පත් කර ඇති අතර එම අමාත්‍ය ධුරය ‘වෛද්‍ය සුවා සේවා’ යනුවෙන් නම් කර ඇතැයි ‘යූරෝනිවුස්’ පුවත් සේවය වාර්තා කළේය.
 
‘‘ඔහුට සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන වසර ගණනාවක අත්දැකීම් තියෙනවා. ඔහු සෞඛ්‍ය අමාත්‍යාංශයත් හොඳින් දන්නවා’’ යැයි නෙදර්ලන්ත අග්‍රාමාත්‍ය මාර්ක් රට ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.
 
නව කොරෝනා වයිරසයෙන් රට ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් ඉකුත් සතියේ නෙදර්ලන්ත පාර්ලිමේන්තුවේදී විවාදයක් පැවැත්විණි. එහි ඇති වූ අධික විඩාව නිසා බෲනෝ බෘයින්ස් සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය. අග්‍රාමාත්‍ය මාර්ක් රට, මාර්ටින් වැන් රයින් නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වීමට තීරණය කළේ ඉන් පසුවය.
 
අග්‍රාමාත්‍යවරයාගේ මෙම තීරණය නෙදර්ලන්ත පක්ෂ විපක්ෂ දේශපාලනඥයන්ගේ ඇගයීමට ලක්ව තිබේ.
 
‘‘මේ දුෂ්කර අවස්ථාවේදී ඉදිරියට එන සියලු දෙනා අගයන්න ඕනෑ’’ යැයි ද කම්කරු පක්ෂයේ නායක ලුඩවයික් ආෂර් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.
‘‘ජාතික සෞඛ්‍ය අර්බුදයක් තියෙනව වෙලාවක, ඔබ ඔබට පුළුවන් සෑම අවස්ථාවකදීම උදව් උපකාර කළ යුතු’’ යැයි ද ඔහු කීවේය.
 
මාර්ටින් වැන් රයින් නව සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත් කිරීම සුදුසුම පියවරක් යැයි ද ඒ සඳහා නියම සුදුස්සු ඔහු යැයි ද තවත් බොහෝ පිරිසක් පක්ෂ විපක්ෂ බෙදීමකින් තොරව පවසා තිබුණු අතර අග්‍රාමාත්‍යවරයාගේ තීරණය වැඩිදුරටත් අගයා තිබිණි

Related posts

ISIS ත්‍රස්තයෝ රාමසාන් සමරා බැග්ඩෑඩයට පහරදෙයි.. ජීවිත හානි 80 ඉක්මවයි

colombotoday

වැඩිම කොරෝනා රෝගීන් හමුවන රටවල් අතර ඉන්දියාව 12 වැනි තැන

colombotoday

කාබුල් නගරයේ නියෝජ්‍ය ආණ්ඩුකාරවරයා ඝාතනය කරේ

colombotoday

කොරෝනා නිසා මුලු කුවේටයටම ඇඳිරිනීතිය

colombotoday

අර්යලන්තයේ ගබ්සා තහනම ඉවතට

colombotoday

දකුණු අප්‍රිකාවේ බොක්ස්බර්ග් නරයේ ගෑස් කාන්දුවකින් 16ක් මරුට

Admin