World

ස්පාඤ්ඤ ආසාදිත 40,000 සීමාවට – මරණ 2,600 පනී

ස්පාඤ්ඤයේ කොවිඩ් -19 මරණ 2,696ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මුළු රෝගීන් 39,673ක් බව එරට සෞඛ්‍ය අංශ පවසයි.

ගෙවීගිය පැය 24 තුළ මරණ 514 (23.6%ක වැඩිවීමකි) සහ ආසාදිතයන් 6,584 (19.9%ක වැඩිවීමකි) වාර්තා වූ බවද ඔවුන් සඳහන් කරයි.

සඳුදා වනවිට ස්පාඤ්ඤයෙන් වාර්තා වූ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 33,089ක් වූ අතර, මරණ 2,182කි.

මේ වනවිට ලෝකයේ මෙතෙක් වැඩිම මරණ වාර්තා වන ඉතාලියට පසුව තෙවැනි තැන ස්පාඤ්ඤයට හිමිව ඇති අතර, එරට තත්ත්වය පාලනය කිරීම සඳහා රජය දැඩි පරිශ්‍රමයක් ගනියි.

මේ අතර සඳුදා මැඩ්රිඩ් නගරයේ රජයේ අවමංගල සේවය නිවේදනය කළේ කොරෝනා වෛරසයෙන් මිය යන අයගේ සිරුරු භූමදාන කිරීම සඳහා ප්‍රමාණවත් ආරක්‍ෂිත ආවරණ නොමැති බැවින් ඒවා එකතු කිරීම නවත්වන බවයි.

ඒ අනුව කොවිඩ් -19 ආසාදිතව මියගිය අයගේ සිරුරු දැන් මැඩ්රිඩ් හි තාවකාලික මෘත ශරීරාගාරයක් ලෙස භාවිතා කරන අයිස් ගබඩාවක තැන්පත් කරයි.

කොවිඩ් -19 මරණ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ ස්පාඤ්ඤයේ හදිසි නීතිය තවත් දින 15 ක් දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරන බව අගමැති පේද්‍රෝ සැන්චෙස් ඉරිදා ප්‍රකාශ කළේය.

Related posts

චීනයෙන් “හැන්ටා” නැමති තවත් වෛරසයක්. පළමු මරණය අද වාර්තා වේ.

colombotoday

ඉන්දියාවේ නව කොරෝනා ප්‍රභේද 240ක් හදුනා ගනී

colombotoday

ජමාල් කශොග්ජිගේ ඝාතනයට පස් දෙනකුට මරණ දඬුවම

colombotoday

ජනමතයට හිස නමා ජනපති-අගමැති ඉල්ලා අස්වෙයි !.. රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක්

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති ස්වයං නිරෝධායනයට

colombotoday

NeoCov නම් මාරාන්තික නව කොවිඩ් වෛරසයක්

colombotoday