World

කොරෝනා වෛරසයෙන් ඉතාලියේ මියගිය සංඛ්‍යාව 2500ය ඉක්මවයි

කොරෝනා වෛරසයට ගොදුරුවීමෙන් ඉතාලිය තුළ මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 2503 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (17) දිනය තුළ පමණක් එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 345ක්.

එමෙන්ම ඊයේ දිනය තුළ පමණක් ඉතාලියෙන් වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 3526ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 26,062දෙනෙකු නිරෝධායනය කෙරෙන අතර, පුද්ගලයින් 2060දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවට තොරතුරු වාර්තා වේ.

කෙසේ වෙතත් පුද්ගලයින් 2941දෙනෙකු සුවය ලබා තිබේ.

ඉතාලියට අමතරව ඊයේ දිනයේදී වැඩි වශයෙන් මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙන් වේ.

ස්පාඤ්ඤයේ පුද්ගලයින් 191ක් මියගොස් ඇති අතර, ඉරානයේ පුද්ගලයින් 135ක් මියගොස් තිබේ.

Related posts

සිංගප්පූරු ආසාදිතයන්ගේ ක්ෂණික වැඩිවීමක්

colombotoday

ඉන්දියාවේ ක්ලෝරීන් ඩයොක්සයිඩ් කර්මාන්ත ශාලාවක ගින්නක්

colombotoday

කුවේටය සම්පුර්ණයෙන් වසා දැමීමට තීරණයක්

colombotoday

ඔමික්‍රෝන් රටවල් 24කට ඇතුළු වෙයි.

colombotoday

සිවු දින සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වෙයි

Admin

එල් සැල්වදෝරයේ හිටපු ජනපතිට වසර 14ක සිර දඬුවමක්

Admin