Colombo Today Local News

පොළොන්නරු පොහොට්ටු නායකත්වය රෝෂාන්ට…. මෛත්‍රී රොෂාන් යටතට !

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙවර මහමැතිවරණයේ දී පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීම සඳහා නාම යෝජනා අත්සන් කර තිබෙනවා. නමුත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නායකත්වය ලබා දී ඇත්තේ හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහටයි.

ඒ අනුව ඉතිහාසයේ පළමු වරට හිටපු ජනාධිපතිවරයෙකු කණ්ඩායම් නායකත්වය පවා අහිමිව කණිෂ්ඨ දේශපාලනඥයෙකුගේ නායකත්වය යටතේ මහමැතිවරණයට ඉදිරිපත් වී තිබෙනවා. මීට අමතරව ඉතිහාසයේ පළමු වරට පක්ෂ සභාපතිවරයා පක්ෂයේ කණිෂ්ඨයෙකුගේ නායකත්වය යටතේ මැතිවරණයට ඉදිරිපත් වීමද මෙවර සිදුවෙන්නේ මෛත්‍රීපාල සිරිසේන, රොෂාන් රණසිංහගේ නායකත්වයෙන් පොළොන්නරුවට තරඟ කිරීමත් සමගයි.

මෙම තත්වය දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ කතාබහක් ලක් කළ කාරණයක් වූ අතර මුලින් නාම යෝජනා අත්සන් කළේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයි. ඔහු ලැයිස්තුවේ දෙවැනි තැනට අත්සන් කර ඇත්තේ පළමු තැන හිස්ව තිබිය දී වීම විශේෂත්වයක්. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය වී ඇත්තේ පොළොන්නරු දිස්ත්‍රික් නායකත්වය සිරිපාල ගම්ලත්ට ලැබෙනු ඇති බවටයි. කෙසේ වෙතත් අවසානයේ එම නායකත්වය මෛත්‍රීපාල සිරිසේනව දැඩි ලෙස විවේචනය කළ රොෂාන් රණසිංහට ලැබීම ශ්‍රීලනිපයේ සිත් රිදවීමක් බව එම පක්ෂයේ හිටපු පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ අදහස වී තිබෙනවා.

කෙසේ වෙතත් මෛත්‍රීපාල සිරිසේන පොළොන්නරුව දිස්ත්‍රික්ක වෙනුවෙන් කණ්ඩායම් නායකත්වය නොමැතිව තරඟ කරන්නේ පාර්ලිමේන්තු මැතිවරණ කිහිපයකටම පසුවයි.

Related posts

ජපානයේ භුමිකම්පවලින් ශ්‍රී ලාංකිකයින් 200 කට අසන්න පිරිසකට බලපෑම්

colombotoday

ආණ්ඩුව ආර්ථික, දේශපාලනික, ජාත්‍යන්තර සියලු ගැටලු අවුල්කරගෙන

colombotoday

නඩු විභාගයන් සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා සජබෙන් නීතිපතිට ලිපියක්

colombotoday

ඉන්දීය යුධ හමුදාපති දිවයිනට

colombotoday

ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ජනපති හමුවේ

colombotoday

මුන්දලමේ බඹරු ඇන 18 ක් රෝහලේ

colombotoday