Colombo Today Local News

නැවත දැනුම්දෙනතුරු සියළුම අධ්‍යාපන චාරිකා අත්හිටුවයි !

සියලු පාසල් අධ්‍යාපන චාරිකා යළි දැනුම් දෙන තුරු අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

කොරෝනා වෛරසය (කොවිඩ්-19) ආසාදිතයෙකු වූ රෝගියෙකු මෙරටින් හඳුනාගැනීමත් සමඟ ඉදිරියේ දී ඇතිවිය හැකි කවර හෝ අවදානමෙන් ශ්‍රී ලාංකීය දරුවන් ආරක්ෂා කරගැනීම සඳහා අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇත.

මෙම වෛරසය ආසාදිතව ඇති පුද්ගලයා දිවයිනේ ප්‍රදේශ කිහිපයක සංචාරය කර ඇති බව වාර්තා වී ඇති බැවින් ඉදිරියේ දී යොදා තිබෙන ඇති සියලු පාසල් අධ්‍යාපන හා ක්ෂේත්‍ර චාරිකා නතර කරන ලෙස ඒ අනුව, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දෙනු ලැබේ.

සියලු දෙනාගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති උපදෙස් නිසියාකාරව පිළිපදින ලෙසද  අවධාරණය කරන අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව  අවශ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නා බව ද වැඩිදුරටත් දන්වා සිටියි.

එසේම පැතිර යන විවිධ කටකතා සහ සාවද්‍ය තොරතුරු පිළිබඳ අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසත්, සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධ ව වඩාත් විමසිලිමත් ව හා  සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් ප්‍රජාව වෙත දන්වා සිටියි.

ada derana.lk

Related posts

අපි ඉල්ලන්නේ කොහෙවත් නැති අක්කර 72 ක් නොවේ..අගමැති මහින්දට මුහුදු මහා විහාරයේ විරෝධය

colombotoday

දුරකතන අංකය වෙනස් නොකරම වෙනත් සේවා සපයන්නෙකු සමග එක් වෙන්න පාරිභෝගිකයන්ට අවස්ථාව

colombotoday

සම්පායෝට ඇප

colombotoday

මිලියන 3ක කහ තොගයක් සමග පුද්ගලයෙකු මන්නාරමේදී අත්අඩංගුවට

colombotoday

දියවන්නා ඔයේ නයිට්‍ර්ජන් හා පොස්පරස් සාන්ද්‍රණය ඉහළ යාමෙන් අසාමාන්‍ය ලෙස ඇල්ගී වර්ධනය වෙලා

colombotoday

TNL රූපවාහිනියේ විකාශන කටයුතු අත්හිටුවයි..!

colombotoday