දිවයිනේ ප්‍රදේශ කීපයක ශරීරයට දැනෙන උණුසුම ඉහළ ගොස් තිබෙන නිසා ශරීර සෞඛ්‍ය ගැන ජනතාව අවදානය යොමුකල යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මේ නිසා හැකිතරම් ජලය භාවිතා කරන ලෙසත් මීට අමතරව තැඹිලි වතුර භාවිතා කරන ලෙසද එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා සඳහන් කළේය.
කය වෙහෙසා වැඩකරන පිරිස් ශරීරයේ ජලය ඉවත් වීමෙන් ඇතිවන විජලන තත්ත්වය පිලිබඳව අවධානය යොමුකල යුතු බවත් දැඩි හිරු රශ්මියේදී ගමන් කිරීමේදී කුඩ හෝ හිස්වැසුමක් භාවිතා කරන ලෙස ඉල්ලා සිටියි.