Colombo Today Local News

පොහොට්ටු පක්ෂය හැදුවොත් පාරේ ඇවිද්දනවා කියූ සිරිසේන පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලන්නේ රෙද්දක් ඇදගෙනද – මන්ත්‍රී සිඩ්නි ජයරත්න

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පොහොට්ටුවෙන් ජන්දය ඉල්ලීමට රෙද්දක් ඇඳගෙන පුළුවන්කමක් නැතැයි එක්සත් ජාතික පක්‍ෂයේ පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිඞ්නි ජයරත්න මහතා පවසයි.

පොහොට්ටුව කියා පක්‍ෂයක් හැදුවොත් ඒ අය පාරේ ඇවිද්දවන බව එකල හිටපු ජනාධිපතිවරයා පැවැසූ බවත් අද ඒ ගැන ඔහු කොතරම් ලජ්ජා වියයුතු යැයිද හෙතෙම කීවේය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කලේ අද (19) පෙරවරුවේ මින්නේරියේ පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ සිඞ්නි ජයරත්න මහතා මාර්තු මාසයේදී රජය විසුරුවාහැර පැවැත්විමට නියමිත මහ මැතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ හංසයා ලකුණෙන් තරඟ වදින බවත් අද ගම්වල ජයග්‍රහණයේ පැහැදිලි මාවතක් දකින්නට තිබෙන බවද කීය. එයට හේතුව පවතින රජය අප්‍රසාදයට පත්වීම බවත් විශේෂයෙන්ම මේ ගොවිතැන් කරන ප්‍රදේශවල සල්ලිවලටවත් ගන්න අද පොහොර ටිකක් නැතැයිද දැන් පොහොර යොදන කාලයද ඉක්ම ගොස් තිබෙන බවත් පැවැසීය.

Related posts

බුදුරුව සහිත සාරියක් පිටකොටුවෙන් සොයාගනී

colombotoday

ජනපති මෛත්‍රී රුසියාවේ සංචාරයක ?

colombotoday

වැනෙන ඔරලෝසු බට්ටෙක් ගැන පියල් නිශාන්ත කියයි

Admin

සුව විරුවන් රූපවාහිනියට පමණක්ද? දීමනා කප්පාදුවට එරෙහිව හෙද නිලධාරීන් නිහඬ විරෝධතාවක

colombotoday

ජනපති-අගමැති එක්වී චීන ජෝඩු 100ක් කරකාර බන්දවයි.. රාජකීය මගුල කොළඹදී !

colombotoday

ගම්, නගර, මං මාවත්, ඓතිහාසික භූමිවලට හිතූ හිතූ නම් දැමීම තහනම්… රජයෙන් නිර්දේශකරන නම් පමණයි !

colombotoday