Colombo Today Local News

රටම පාවාදුන් ජනීවා යෝජනාවලියෙන් ඉවත් වීමට රජය සූදානම් !

රටම පාවාදුන් ජිනීවා යෝජනාවලියෙන් ඉවත්වීමට අදාළ කටයුතු සිදුවෙමින් තිබෙන බවත්, මේ පිළිබඳව ඊයේ (17දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්ද පවත්වා තිබෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

2015 හා 2016  වසරවල මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කර තිබෙන යෝජනාවල 30 හා 31 වැනි යෝජනා දෙක කැබිනට් මණ්ඩලයට හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවද එම පක්ෂයේ මහලේකම් නීතීඥ දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් නොමැතිව මෙම යෝජනා දෙකම හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා කැමැත්ත පළ කළ බවත්, එම අවස්ථාවේදී මෙය පිළිනොගන්නා ලෙසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැවසූ බවත් මහලේකම්වරයා කියා සිටියේය.

මෙම වාර්තාවට අනුව අද වන විට හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රශ්නයක් පැමිණි බවත්, ඇමෙරිකාව මානව හිමිකම් පිළිබඳව සුදනෙක් වීමට කටයුතු කළත් හමුදාපතිට කිසිදු සාක්ෂියක් නොමැති චෝදනා එල්ල කර තිබෙන බවත් අද (18දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ගමක මිනිස්සු හූරා කෑමට Dialog දැරූ උත්සාහය. | 3000 ක් ඉල්ලුවේ නෑ කියලා වොයිස් කට් එකකුත් ඉල්ලලා. | හාමුදුරුවෝ සියල්ල හෙළිකරති.

colombotoday

සුදු නෙළුමට පසුව එන බ්‍රදර් චාල්ස් ගේ ධර්ම බජව්ව

colombotoday

ප්‍රතිත්‍රස්ත පනත ඉවත් කර ගනියි

colombotoday

තව්හිද් ත්‍රස්තයන් හම්බන්තොටදීත් සන්නද්ධ පුහුණුව ලබලා…

colombotoday

වාහම ක්‍රියාත්මකවන පරිදි දිවයිනටම ඇඳිරිනීතිය පැනවෙයි

Admin

ලාංකික ව්‍යාපාරිකයෙකු ඉන්දියාවේදී පැහැර ගනී..

Admin