Colombo Today Local News

ජීවිකාව පිණිස ගණිකා වෘත්තියේ යෙදීම වරදක් නොවේ – අධිකරණ නියෝගයෙන් චූදිත කත නිදහස් !

ව්‍යාපාරයක් ආකාරයෙන් පවත්වාගෙන නොයන්නේ නම් කාන්තාවක් ගණිකා වෘත්තිය යෙදීම මෙරට නීතිය අනුව

වරදක් නොවන බව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා සඳහන් කළේය.

එසේ පවසමින් පොලීසිය විසින් නඩු පවරන ලද තායිලන්ත ජාතික කාන්තාවක් පසුගිය 13 වැනිදා අදාල චෝදනාවලින් නිදහස් කරන ලදී.

විනිසුරුවරයා එහිදී කියා සිටියේ ව්‍යාපාරයක් ලෙස කාන්තාවන් ගණිකා වෘත්තියේ යොදවා මුදල් උපයන්නේ නම් පමණක් ගණිකා වෘත්තියේ නිරතවීම යෙදවීම චෝදනා ගොනු කළ

හැකි වුවත් එසේ නොමැතිව කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදී තම ජීවිකාව ගෙන යන්නේ නම් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීති ක්‍රමය අනුව නඩු පැවරිය නොහැකි බවයි.

කෙසේ නමුත් ගණිකා නිවාසයක් පවත්වාගෙන යාම යන්නේ නම් එය ගනිකා වෘත්තිය ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නඩු පැවරිය හැකි බවද ඔහු සඳහන් කරනු ලැබීය.

Related posts

බදු නැතුව පෙට්‍රල් 150ට දෙන්න පුළුවන්?

Admin

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ වැඩ තහනම් කෙරේ

colombotoday

මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා මාසයක් රට සවාරියේ

Admin

බොරතෙල් මිලට සහන දෙන්න -ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලයි

colombotoday

අධ්‍යාපන අමාත්‍යාංශයේ අංශ කිහිපයක් වසයි

colombotoday

ජගත් කුමාරත් සජබෙන් හැලෙයි

Admin