Colombo Today Local News

සජිත්ගේ ‘හදවතට‘ එජාපයේ ඉඩක් නෑ… රනිල් පාර්ශවය දැඩි තීරණයක !

එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට අනුවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ හා කෘත්‍යාධිකාරි මණ්ඩලයේ බහුතර කැමැත්ත අනුවත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් විය යුත්තේ අලියා ලකුණින්ම බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් පත් කළ නාමයෝජනා මණ්ඩලය විසින් ඉදිරි මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවන බව ද මහලේකම්වරයා විසින් ප්‍රකාශ කළේය.

මහලේකම්වරයා මෙම අදහස් පළ කර සිටියේ ඊයේ (11) රෝයල් ආකේඩ් පරිශ්‍රයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“එක්සත් ජාතික පක්ෂය මීළග මැතිවරණය සඳහා ඉදිරිපත් වීම සදහා නාමයෝජනා කැදවීමට නියමිතව තිබෙනවා. මෙවර මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා උගතුන්, වියතුන්, බුද්ධිමතුන්ට, විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් වෘත්තිකයන්ට ඒ සදහා අයදුම්පත් යොමුකළ හැකියි.” හෙතෙම වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත් එජාපය නියෝජනය කරන සන්ධානයේ සලකුණ හදවත බවට සජිත් ප්‍රේමදාස මහතා නියෝජනය කරන පාර්ශවය මේ වනවිටත් තීරණය කර තිබේ.

මේ අනුව එජාපය තුළ දරුණු ගැටුමක් නිර්මාණය වී ඇති බව පැහැදිලිය. නායකත්වය උදෙසා පමණක් පැවති අර්බුදය මේ වනවිට සජිත් පාර්ශවය යෝජනා කරන සියල්ලටම විරුද්ධ වීමට රනිල් පාර්ශවය පියවර ගන්නා තත්වය දක්වා උඩු දුවා තිබේ.

Related posts

හදිසි ඖෂධ මිලදී ගැනීම ගැන තොරතුරු ඉල්ලා ලිපියක් යොමු කරනවා – GMOA කියයි

Admin

යාල්දේවි හෙට සිට යළි ගමන් අරඹයි

colombotoday

මරදාන – දෙමටගොඩ අතර දුම්රිය දාවනය නවතී

Admin

ඩෑන් ප්‍රියසාද් ට ඇප නොලැබෙයි.. නැවතත් රිමාන්ඩ්

colombotoday

ප්‍රබල ඇමති බිරියට බැදුම්කර බෑණාගෙන් ‘රේන්ජ් රෝවරයක්‘ තෑගි !

colombotoday

අර්ජුන තිලංගගේ පැටිකිරියම දිග හරී.. ක්‍රිකට් ක්‍රීඩාව සූදු අන්තුවන්ටම ගිය බව කියයි

colombotoday