Colombo Today Local News

කෝටි 243 ක ගනුදෙනුවට විරුද්ධ වුණාට මට තනතුර අහිමි කළා

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 58 දෙනෙකුට අධිසුඛෝපභෝගී වාහන 58ක් පෞද්ගලික සමාගමක් මගින් කුලී පදනමට ලබා ගැනීමට ආණ්ඩුව ගත් උත්සාහයට විරුද්ධ වීමෙන් තමන්ට පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධූරය අහිමි කළ බව එම අමාත්‍යංශයේ හිටපු ලේකම් නිමල් බෝපගේ මහතා පවසයි.

රුපියල් කෝටි 243 ක් වටිනා එම ගනුදෙනුව නීතිවිරෝධී බව පෙන්වා දෙමින් තමන් එය අත්සන් කිරීම ප‍්‍රතික්ෂේප කළ කරුණු අනුව එය බවත් එහිදී අගමැතිවරයාගෙන් සහ මුදල් අමාත්‍යවරයාගෙන් තමන් වෙත බරපතල පීඩනයක් එල්ල වූ නමුත් තමන් සිටි ස්ථාවරය වෙනස් නොකළ බවත් ඔහු නිවේදනයක් නිකුත් කරමින් කියයි.

සාමාන්‍යයෙන් කැබිනට් තීරණයකට විරුද්ධ වීමට අමාත්‍යංශ ලේකම්වරයකුට නෛතික බලයක් නොමැති වුවත් එකී ගනුදෙනුව ගැන තමන් නිරික්ෂණය කළ අතිශය දූෂිත අරමුණ හා ක‍්‍රමවේදය තමන් දැඩිව ප‍්‍රතික්ෂේප කළ බැවින් හා එය ප‍්‍රසම්පාදන කි‍්‍රයාවලියට සම්පූර්ණයෙන්ම පටහැනි වූ බැවින් එකී පදනම ඔස්සේ තමන් ඊට විරුද්ධ වූ බව ද ඔහු පවසයි.   

මේ නිසා එවකට සිටි අගමැතිවරයා තමන් කැඳවා sign or resign යනුවෙන් තර්ජනය කළ බව ද එකී තර්ජනයකට ද තමන් කීකරු නොවූ බැවින් හා එවකට එම සිද්ධියට ලැබුණු පුළුල් ප‍්‍රචාරය හමුවේ යහපාලනයේ පිරිහීම ඇරඹුණු බැවින් ද ජනාධිපතිවරයා ඒ ගැන සෙවීමට සිව්පුද්ගල කමිටුවක් පත් කර එතෙක් එය ක‍්‍රියාත්මක කිරීම අත්හිටවූ බවත් හෙතෙම පෙන්වා දෙයි.

අවසානයේ තමන් අමාත්‍යංශ ලේකම් ධූරයෙන් ඉවත් කිරීම සඳහා තම අමාත්‍යාංශය හා මුදල් අමාත්‍යංශය හා එක් කර මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට එහි ලේකම් තනතුර පවරා තමන්ට තනතුර අහිමි කළේ යැයි ද එසේවුවද තමන්ට තනතුර අහිමි වෙද්දී රටට රුපියල් කෝටි 243 ක් ඉතිරි කළ හැකිවීම පිළිබඳව තමන් සතුටු වන බව ද එහි සඳහන් වේ.

Related posts

නිරෝධායන නීති කැඩූ තවත් 253කට වැඩ වරදී

colombotoday

අගමැති හබය පාර්ලිමේන්තුවෙන් නොවිසදුනොත් ශ්‍රේෂ්ඨාධීකරණයට….

colombotoday

ලංකාවේ ආයෝජනයට මුදල් ඇමති ගෙන්වූ සුපිරි ආයෝජකයා මෙන්න “හර්බජන් සිං”

colombotoday

තොරතුරු දැනගැනීමේ පනතින් ප්‍රබල මාධ්‍ය මර්ධනයක්.. ETCA, බැදුම්කර මගඩි හෙළිකරොත් මාධ්‍යවේදීන් හිරේ

colombotoday

නිරෝධායන ඇඳිරිනීතිය සැප්තැම්බර් 13 උදෑසන 4 දක්වා දීර්ඝ කෙරේ.

colombotoday

වසරකට ගවයන් 73000 ක් ඝාතනය කෙරේ.. ඉස්ලාම්කරණය වූ කොළඹ නගරයම ගව ඝාතකාගාරයක් !

colombotoday