Colombo Today Local NewsWorld

වූහාන් මරු කටින් ගලවා ගැනීමට ඕස්ට්‍රේලියා රජය එරට පුරවැසියන්ගෙන් ඩොලර් 1000ක් අයකරයි…

මාරාන්තික කොරෝනා වයිරස් රෝගයේ කේන්ද්‍රස්ථානය වන චීනයේ වුහාන් නගරයයේ සිරවී සිටින ඕස්ට්‍රේලියානුවන් ඉවත් කිරීම සඳහා එක් අයෙකු ඕස්ට්‍රේලියානු ඩොලර් 1,000 බැගින් ඕස්ට්‍රේලියානු රජයට ගෙවිය යුතු බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මෙලෙස සියරට පැමිණෙන සිය පුරවැසියන් ඉන්දියානු සාගරයේ හුදකලා දූපතක් වන Christmas Island හී රැදවීමට ඕස්ට්‍රේලියානු රජය සැලසුම් කර ඇත. සාමාන්‍යයෙන් සරණාගතයින් සඳහා නවාතැන් ගැනීම සඳහා මෙම දූපත භාවිතා කරනු ලබයි.

නිරෝධායන ඉවත් කිරීමෙන් පසු “පර්ත්” නගරයට පමණක් පුද්ගලයින් ගෙනවිත් දමන බවත් ඊට පසු ඔවුන්ට තනිවම ගෙදර යාමට සිදුවනු ඇති බවත් “සිඩ්නි මෝනිං හෙරල්ඩ්” පුවත්පතට සඳහන් කර ඇත.

පළමුවෙන්ම ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන්තොටුපලක් දක්වා වුහාන් නගරයේ වෙසෙන ඕස්ට්‍රේලියානුවන් ප්‍රවාහනය කර පසුව හමුදා ගුවන් යානා මගින් ක්‍රිස්මස් දූපතට රැගෙන යාමේ අදහසක් රජය විසින් මේ වනවිට ඉදිරිපත් කර ඇත. එයට හේතුව වී ඇත්තේ දූපතේ ගුවන් ධාවන පථයට සම්පූර්ණ මගී ගුවන් යානයක් බැස්සවීමට තරම් ප්‍රමාණවත් නොවීමයි.

ඕස්ට්‍රේලියානුවන් 600 ක් පමණ චීන පළාතක් වන හුබායි හි දැනට සිරවී සිටින බව ඇස්තමේන්තු කර ඇත.

ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩුටන් කියා සිටියේ නිරෝධායනය සඳහා මෙතරම් විශාල පිරිසකට පැමිණිය හැකි ස්ථාන කිහිපයෙන් එකක් දූපත බවයි.

“යථාර්ථය නම් මිනිසුන් දින 14 ක් කොහේ හෝ තැනක සිටිය යුතු බවත් මට සිඩ්නි හෝ මෙල්බර්න් හෝ බ්‍රිස්බේන්හි රෝහලක් ඔවුන් වෙනුවෙන් ඉවත් කළ නොහැක” යනුවෙන් බ්‍රහස්පතින්දා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම පැවසීය.

Related posts

ඒව මගේ චරිතය ඝාතනය කරන්න කියන කතා – බැදුම්කර චෝදනා ගැන රවී කියයි

colombotoday

පාර්ලිමේන්තුවේ සම්මතකළ අලුත් පණතෙන් මරාගෙන මැරෙන කොටි බෝම්බකරුවන්ටත් වන්දි…

colombotoday

‘මට කියන ජාති මම දන්නව.. මහත්මා ගාන්ධි තරම් මම තවම බැනුම් අහල නෑ‘ – ජනපති

colombotoday

රුපියල තවත් පහළට

Admin

රාජපක්‍ෂ සහගහන බදු ගහලා..

colombotoday

නාත් අමරකෝන් මහතා දිවි සැරිය නිම කරයි.. පක්ෂයේ අයිතිය ගැන මැ.කො. සභාපතිට ලිපියක් !

colombotoday