Colombo Today Local News

හිඟය මකන්න මුඛ ආවරණ ලක්ෂ විස්සක් පිටරටින්

මුඛ ආවරණ හිඟයට පිළියමක් ලෙස ලක්ෂ විස්සකට අධික මුඛ ආවරණ ආනයනය කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය ආනයනකරුවන් පස් දෙනකුට තාවකාලික අවසරය ලබාදී ඇත.

ඊට අමතරව දේශීය වශයෙන් මුඛ ආවරණ නිෂ්පාදනය කරන සමාගම් තුනකින් මිලියන හයක මුඛ ආවරණ වෙළෙඳපොළට නිකුත් කිරීමටද අධිකාරිය පියවර ගෙන ඇත. එහිදී ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතේ නීතිරීති ලිහිල් කරමින් විරෝධතා නොමැති ලිපි ආනයනකරුවන් පස් දෙනාට සහ රේගුවට නිකුත් කර තිබේ.

වෙළෙඳපොළේ මුඛ ආවරණ හිඟය අවසන් කිරීම සඳහා මුඛ ආවරණ ආනයනකරුවන් සහ නිෂ්පාදකයන් කැඳවා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. මුඛ ආවරණ සකස් කරන අමු ද්‍රව්‍ය චීනයෙන් ආනයනය කරන බව මෙහිදී නිෂ්පාදකයන් ප්‍රකාශ කර ඇත. චීනයෙන් අමුද්‍රව්‍ය ගෙන්විය නොහැකි නිසා ඉන්දියාවෙන් අමුද්‍රව්‍ය ගෙන්වා මුඛ ආවරණ දේශීයව සකස් කිරීමට සැලසුම් කර ඇත. ආසියානු රටවල් රැසක කොරෝනා රෝගීන් වාර්තා වීම නිසා මුඛ ආවරණවලට දැඩි ඉල්ලුමක් පවතියි.

Related posts

“පරණ ෆයිල් උඩට ගන්න” මහජන ආරක්ෂක ලේකම් කියයි

Admin

තෛපොංගල් වෙනුවෙන් හින්දු ආගමික රැඳවියන්ට විශේෂ අවස්ථාවක්

Admin

පන්තියක උපරිම සිසුන් ගණන 15යි – සඳුදා සිට පාසල් පවත්වන්නේ මෙලෙසයි

colombotoday

ඔරුගොඩවත්ත ගුවන් පාලම යටදී තියුණු ආයුධ වලින් කපා සිටි අයෙක් මරුට

colombotoday

ජනපති බැදුම්කරයේ දෙවන මෙහෙයුම අරඹයි

colombotoday

වතුකරයේ දෙමල ජනතාවගෙන් මෛත්‍රීට හරසර

colombotoday