Colombo Today Local News

චීන ජාතිකයින්ට ගුවන්තොටුපලෙන් වීසා නිකුත් කිරීම නවතියි

චීන ජාතිකයින්ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් වීසා ලබාදීම නතර කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාවන්නි ආරච්චි මහත්මිය පවසයි.

ඇය පෙන්වා දෙන්නේ පවතින වාතාවරණය හමුවේ නැවත දැනුම්දෙන තුරු මෙම තීරණය වලංගු බවයි.

වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය මෙසේ පැවසීය.

“චීන ජාතිකයින් ලංකාවට පැමිණියාට පසු ඔවුන්ට විසා ලබාදීම තමයි සාමාන්‍යයෙන් සිදු කෙරෙන්නේ. මේ තත්ත්වය පිළිබද ජනාධිපතිතුමාගේ උපදේශකත්වයෙන් පත් කරන ලද විශේෂඥ කමිටුව විසින් සාකච්ඡාවකට ලක් කළා.

එහිදි ආගමන විගමන පාලක තුමා අප සමග සාකච්ඡා කළා. ඒ අනුව ජනාධිපතිතුමාට මා නැවැත කථා කර උපදෙස් ලබාගත්තා. 

ඒ අනුව මෙතනනින් එහාට ලංකාවට චීන ජාතිකයින් පැමිණීමේ දී ලංකාවට ආවට පසු ගුවන්කොටුපලේ දී වීසා ලබාදීමක් සිදු වෙන්නේ නැහැ. ඔවුන් චීනයේ දී ලංකාවට වීසා ඉල්ලුම් කළ යුතුයි. 

ඒ අනුව ඒ වීසා ඉල්ලුම් පත්‍රය ඔවුන් පැමිණෙන ප්‍රාන්තය සහ ආදාල කාරණ නිරීක්ෂණය කර තමයි ලංකාව ඔවුන්ට වීසා නිකුත් කරන්නේ.” යනුවෙන් වැඩිදුරටත් පැවැසීය.

Related posts

රාජ්‍ය නියෝජ්‍ය ඇමතිලාත් දිවුරුම් දෙති… විජයකලාටත් රාජ්‍ය ඇමතිකමක්…

colombotoday

මත්තලට ආ ‘ලොව ලොකුම ගුවන් යානයෙන්‘ එක් දවසකට රු. මිලියන 13ක ආදායමක්

colombotoday

කොළඹ පොත් ප්‍රදර්ශනයට ගිය අයෙකුට කොරෝනා ආසාදනය වෙයි

colombotoday

ජනවාරි මාසයේ සිට විදුලි බිල්පත් නොගෙවූ අයගේ විදුලිය විසන්ධි කරයි

colombotoday

ෂැංග්‍රීලා බෝම්බකරුගේ තඹ කම්හලේ 9 දෙනෙකුට ඇප ලැබෙයි.

colombotoday

බැඳුම්කර වංචාව සම්බන්ධව මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශනයට

colombotoday