28.8 C
Colombo
9 April 2025
Colombo Today Local NewsTop Stories

ලංකා විදුලි පුද්ගලික සමාගමෙන් හොරා කෑ නරේන්ද්‍ර සිල්වා සාමාන්‍යධීකාරී තනතුර ලබා ගැනීමේ සටනක.

සී/ස ලංකා විදුලි පුද්ගලික සමාගමේ වෘත්තීය සමිති එකමුතුව විසින් සී/ස ලංකා විදුලි පුද්ගලික සමාගමේ සිදුවූ හා සිදුවෙමින් පවතින වංචා හා දූෂණ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නැයි එවකට අමාත්‍ය ධූරය දැරෑ රංජිත් සියඔලාපිටිය ඇමතිවරයාගෙන් කරන ලද ලිඛිත ඉල්ලීමකට අනුව 2018/6/19 දින අමාත්‍යාවරයා විසින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යාංශයේ ලේකම්වරයා නියෝග කරන ලද බවත්, ඒ අනුව ලේකම්වරයා විසින් PE/1A/140 දරණ 2018/07/10 දිනැති ලිපිය මගින් පූර්ණ පංචපුද්ගල කමිටුවක් පත් කර එකී කමිටුවේ වාර්තාව 2018/10/09 වන දින එලි දැක්වූ බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා Colombo Today වෙබ් අඩවිය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් සඳහන් කර සිටියා.

වැඩිදුරටත් අදහස් දැක්වූ විතානගේ මහතා අවධාරණය කර සිටියේ,

අදාළ වාර්තාව මගින් සී/ස ලංකා විදුලි පුද්ගලික සමාගමේ සිදුවූ දූෂණ හා වංචා කිහිපයකට නරේන්ද්‍ර සිල්වා‌ගේ සම්බන්ධයක් ඇති බවට අනාවරණය කර ඇත. වැඩිදුරටත් එම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ ඉංජිනේරු අංශ ප්‍රධානී නරේන්ද්‍ර සිල්වා වරලත් ඉංජිනේරු සහතිකය ‌නොමැතිව ඉංජිනේරු අංශයට බදවා ගෙන ඇති බවයි. ඔහුගේ සැළසුමකට අනුව නුගේගොඩ භූගත කේබල් ව්‍යාපෘතිය අසාර්ථක වූ බවද එම වාර්තාව සදහන් කරයි. තවද ඔහුගේ නිවසට නීති විරෝධී ආකාරයෙන් විදුලි සැපයුමක් ලබා ගෙන ඇති බවද නරේන්ද්‍ර සිල්වා ආයතනයේ වාහන ණය ලබා ගැනීමේදී සිදු වී ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් පහත සදහන් නිගමනයන්ට එළඔ ඇත.

නිළධාරියා විසින් ඔහුගේ භාර්යාවගේ නමට ඇති සහනදායි පදනම මත මෝටර් රථයක් ආනයනය කිරීමට ලද බලපත්‍රයක් මගින් ලෙකෝ සමාගමෙන් වාහණ ණය මුදලක් ලබා ගෙන මෝටර් රථයක් ආනයනය කර ඇත. මෙම ක්‍රමයට වාහනයක් ගෙන්වීම සදහා පවතින ආයතන චක්‍රලේඛණ වලින් ඉඩක් නොලැබෙන බව කමිටුවේ හැගීම බව.

උක්ත කරුණ අනුව නරේන්ද්‍ර සිල්වා සිල්වා විසින් වාහනය මිලදී ගැනීමට ණය අයදුම්පත ඉදිරිපත් කරන අවස්ථාවේදී ඉදිරිපත් කර ඇති තොරතුරු නිවැරදි නොවන බව තහවුරුවන බව

මෙම දූෂණ වංචා සිදු කර ඇති නරේන්ද්‍ර සිල්වා‌ 2020/01/28 දින පැවැත්වීමට නියමිත සී/ස ලංකා විදුලි පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමීදී සාමාන්‍යාධිකාරිවරයා ලෙස පත් කර ගැනීම සදහා වන යෝජනාවක් සම්මත කර ගැනීම සදහා මේ වන විට විශාල උත්සහයක නිරතවෙමින් සිටී. ඒ සදහා 2020/01/25 වන දින බොරලැස්ගමුව රත්තනපිටිය පිහිටි සුපිරි හෝටලයක සාදයක් පවත්වා ඇත. ඒ සදහා සී/ස ලංකා විදුලි පුද්ගලික සමාගමේ සභාපතිවරයාට හා ඉහළ නිළධාරීන් කිහිපදෙනෙකුට සහ පොදු ජන පෙරමුණේ වෘත්තීය සමිති නියෝජිතයින්ට ආරාධනා කර ඇත.

ලක්ෂ 69 ක් ජනතාව තම ඡන්දය ලබා දී නව ජනාධිපතිවරයා පත් කරගත්තේ දූෂීතයින්ට තනතුරැ ලබා දීමට නොවන බවද සභාපතිවරැන්ට මත්පැන් සාද පවත්වා තනතුරැ පිරිනැමීමට නොවන බවද පාලකයින් වටහා ගතයුතු අතර දූෂිත නරේන්ද්‍ර සිල්වා‌ට කල වැරදිවලට දඩුවම් දිම හැර උසස්වීම් ලබා දීම පිළිබදව අප සංවිධානයේ දැඩි විරෝධයද පළ කරමු.

Related posts

ආශු මාරසිංහ ඉල්ලා අස්වෙයි

colombotoday

අම්පාරේ හර්තාල් මැද ලංගම බස්රථ හතරකට පහර දෙයි

colombotoday

අලුත් බද්දෙන් දුරකථන ගාස්තු වැඩිනම් අන්තර්ජාල ඇමතුම් ගන්න – Digital ඇමති ජනතාවට කියයි

colombotoday

නිල ඇදුම් නැති වුවද වර්ණ ඇදුම් පාසල් එන්න අවසර

colombotoday

මහනුවර යළි සෙලවෙයි

colombotoday

පලාලියේ තවත් අක්කර 454ක් මුදාහරී.. ජනපති අතින් අද සිවිල් වැසියන්ට දෙයි

colombotoday