Colombo Today Local News

දුප්පත්කම නැති කරන්න ජනාධිපති කාර්යසාධක බලකායක් !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දරිද්‍රතාවය තුරන් කිරීම සහ ජීවනෝපාය සංවර්ධනය සඳහා කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබේ.
 
විශ්‍රාමික නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් එස්.බී. දිවාරත්න මහතාගේ සභාපතීත්වයෙන් යුතු එම බලකායේ සාමාජිකයන් සංඛ්‍යාව 11 දෙනෙකි.

 විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් වී. සිවඥානසෝති, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, මහාචාර්ය එච්. එම්. ඩබ්ලිව් ආරියරත්න හේරත්, කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද, යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ  කථිකාචාර්ය ආචාර්ය එස්.එස්. සිවකුමාර්, විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, විශේෂඥ වෛද්‍ය සංජීවනී හපුගොඩ, විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ගයාත්‍රි ගුණරුවන්, ඊ.ඩබ්. ක්‍රේසි සහ සමාගමේ  විධායක නිලධාරී සංජීව ගුණවර්ධන සහ නේචර්ස් සීක්‍රට් ආයතනයේ අධිපති සමන්ත කුමාරසිංහ යන මහත්ම මහත්වරු එම සාමාජිකයෝ වෙති.
 
සමෘද්ධිලාභීන්ගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම, ග්‍රාමීය, වතු සහ අර්ධ නාගරික ප්‍රදේශවල ජනතාව සෑහීමකට පත්වන අයුරින් ජල සැපයුම 150,000ක් ලබාදීම,  සුළු පරිමාණ ව්‍යාපාර සංවර්ධනය ආදී කාර්යයන් එම බලකායට පවරා තිබේ.

Related posts

කොළඹ – නුවර ගමනාගමනයට විකල්ප මාර්ග

colombotoday

වරාය, ගුවන්තොට විකිණීමට එරෙහිවූ අයට කදුළු ගෑස්, ජල ප්‍රහාර.. හම්බන්තොට උණුසුම් තත්ත්වයක් !

colombotoday

උතුරේ විදුලි ව්‍යාපෘතියක ටෙන්ඩරය චීනයට දුන්නාට ඉන්දියාව උරණ වෙයි

colombotoday

යෝෂිත මන්ත්‍රීවරුන්ට ඩො.මි. 3 ක් දෙන්න හදනවා – මංගල සමරවීර චෝදනා කරයි

colombotoday

සිමෙන්ති ප්‍රවාහන නෞකාවක් අනතුරකට ලක් වෙයි

colombotoday

වෑන් රථයක් ලොරියක ගැටී තිදෙනෙකු මරුට

Admin