Colombo Today Local News

CID ආ ශානි මාධ්‍ යෙන් කට්ටි පනී !

ස්විස්ට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතුව සිටි ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මියට එරෙහි නඩුවට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියා.

එහිදී අදාළ සිද්ධියට සම්බන්ධ දුරකථන සංවාද පිළිබඳ ඔහුගෙන් පෙරවරු 10.00 සිට පස්වරු 03.00 දක්වා පැය 05කට අදික කාලයක් ප්‍රකාශ ලබාගෙන ඇත.

මෙහිදී ලේක් හවුස්හි හිටපු සභාපති ක්‍රිෂාන්ත කුරේ ,ඔබ්සවර් පුවත්පතේ හිටපු කතෘ ධරිෂා බැස්ටියන් හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ස්ථානාධිපති නිශාන්ත සිල්වා කන්දප්පා සමග ඔහු කල පිලිබඳ ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර ක්‍රිෂාන්ත කුරේ සමඟ විනාඩි 09යි තත්පර 12ක කාලයක් දුරකතනයෙන් සකච්ජා කර ඇති බව අනාවරණය වී ඇත.

ප්‍රකාශ ලබාදීමෙන් පසු ඔහු එම ස්ථානයෙන් පිටව යන අවස්ථාවේදී මාධ්‍යවේදීන් මගහැරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රථ ගාලෙන් පිටව ගොස් ඇත.

Related posts

අක්‍රිය වූ නොරෝච්චෝලේ ජනන යන්ත්‍රය සඳුදා සිට යළි සක්‍රියයි..

colombotoday

මොණරෙක් මරා පුලුස්සා ආහාරයට ගන්නා වීඩියෝවක් හැදූ විදේශිකයා සහ ආදිවාසීන්ට වූ දේ

Admin

බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය ලංකාවේ නිල සංචාරයකට එයි

Admin

තලවාකැලේට පැමිණි ලොරි හතරක රියදුරන් නිරෝධායනට

colombotoday

ශ්‍රී ලංකාව ණය පැහැරහරින්න රුසියා – ‘ෆිච්’ආයතනයෙන් අනතුරු අඟවීමක්

colombotoday

සියඹලාණ්ඩුවේ පාසල් බස් රථයක් පෙරලී 36 දෙනෙකු ට තුවාල

Admin