Colombo Today Local News

මහනුවරින් ආදර්ශයක්… නගරය පුරා පොස්ටර් ඇලවීම සපුරා තහනම්… පොස්ටර් ඇලවීමට වෙනම දැන්වීම් පුවරුවක් !

මහනුවර මහ නගර සභාව හා නගර පරිපාලන අංශ ඒකමතික තීරණයකට අනුව මහනුවර මහා නගර සභා සීමාව තුළ දැන්වීම් ප්‍රදර්ශනය කිරීම මේ වන විට සම්පූර්ණයෙන්ම තහනම් කොට තිබේ.

එහෙත් යම් අයකුට දැන්වීමක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා භාවිත කිරීමට නගරයේ සියලු කොට්ඨාස හා ප්‍රධාන ස්ථාන ආවරණය වන ආකාරයෙන් තෝරාගත් ස්ථානවල විශේෂිත දැන්වීම් පුවරු ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.

මෙමගින් නගරයේ අලංකාරයට කිසිදු බාධාවක් නොවන අතර දැන්වීම් ප්‍රදර්ශනය කිරීමේ අවශ්‍යතාව සඳහා කිසිදු අපහසුවකින් තොරව එම කාර්ය ඉටු කර ගැනීමට අවකාශ සැලසී ඇත. නගරයේ විශේෂිත ස්ථාන 35ක් පමණ ආවරණය වන ආකාරයෙන් දැන්වීම් පුවරු ස්ථාපිත කොට ඇති අතර නුවර මහ නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ හා පරිසර ආරක්ෂණ කාරක සභාවේ ඉල්ලීම මත අශෝක් ස්ටීල් නිෂ්පාදන ආයතනය මෙම දැන්වීම් පුවරු සවි කිරීම සඳහා දායකත්වය ලබාදී තිබේ.

පරිසර හිතකාමී හරිත නගරයක් ලෙස මහනුවර ලෝක උරුම නගරය ප්‍රවර්ධනය කිරීමේ කාර්යභාරය සඳහා සහයෝගය ලබාදෙන මෙන් මහනුවර නගර සභාව ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කරයි.

Related posts

අධිවේගයේදී වැට පැනල බස් මාරු කරපු රියදුරන්ට උනුදේ

colombotoday

ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් විශේෂ නිවේදනයක්

colombotoday

බලංගොඩ කූරගල පුරාවිද්‍යා පරිශ්‍රයට සහ චෛත්‍යය ප්‍රවේශ මාර්ගයට විදුලිය ලබාදීමට ලබාදී තිබූ අවසරය අත්හිටුවයි

colombotoday

භාරකාර රජයේ ඇමති මණ්ඩලය දිවුරුම් දෙයි.. අලුත් ඇමතිවරු මෙන්න..

colombotoday

ඩයලොග් ආයතනයට ප්‍රහාරයක්… දුරකථන ජාලා බිද වැටෙයි !!

colombotoday

අත දරුවෙකු සමග ගිය මවකගේ ගෙල කපා ඝාතනය කර රන් මාලය සොරා ගනී.

colombotoday