Colombo Today Local News

උතුරේ අතුරුදන්වූවන්ගේ ඥාතීන්ට ආණ්ඩුවෙන් වන්දි මුදලක්

තිස් වසරක යුද්ධයේ දී උතුරේ අතුරුදන්වූවන්ගේ ඥාතීන්ට වන්දි මුදලක් ලබා දීමට ආණ්ඩුවේ අවධානය යොමු වී ඇත.

අතුරුදන් වූවන්ගේ ඥාතීන් විසින් පසුගිය වසර කිහිපය පුරාම මේ පිළිබඳව විසඳුමක් ඉල්ලා උතුරු පළාතේ විවිධ ස්ථානවල උපවාස කරන උද්ඝෝෂණ පැවැත් වූහ.

අතුරුදන් වූවන් සඳහා විසඳුම් ඉදිරිපත් කිරීමට කොමිෂන් සභා දෙකක් ද පත් කර යෝජනා ඉදිරිපත් කර ඇත. එම යෝජනා අධ්‍යයනය කර විසඳුමක් ලෙස වන්දි මුදලක් ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අවධානය යොමු වී තිබේ.

උතුරේ අතුරුදන් වූවන්ගේ පවුල් සංඛ්‍යාව එක්දහස් දෙසීයක් පමණ වන බව ගණන් බලා ඇත. ඔවුන් හමු වී සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා මේ මස අවසානයේ යාපනයේ සංචාරයක නිරත වීමට නියමිතව ඇත. අතුරුදන් වූවන්ගේ ඥාතීන් සමග අමාත්‍ය ඩග්ලස් දේවානන්ද ද පසුගිය දා සාකච්ඡා පවත්වා විසඳුම් ලබා දීම පිළිබඳව අවධානය යොමු කර තිබේ. මෙම විසඳුම් සාර්ථක වුවහොත් මාර්තු මස පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට දැනුම් දීමට ද ආණ්ඩුව තීරණය කර ඇත.

Related posts

“අර්ජුන් පැන ගියේ නෑ.. එයා ගියේ මගුල් ගෙදරකට“ – අගමැති හෙළිකරයි

colombotoday

ආණමඩුවේ වගා ඉඩම සැකකටයුතු මළ සිරුරක්

Admin

දොස්තරලා අද වැඩ වර්ජණයේ

colombotoday

සිඟිත්තන්ගේ අවුරුදු උත්සවායට චූටි ටීචර්ට යන්න බරි වෙයි… එන අතර මඟදී ඝාතනය කරලා

Admin

පාතාලයට ගිඅවී සැපයු සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකුගේ ගෝලයෙක් කොටු

colombotoday

ජනපති පෞද්ගලික සංචාරයකට සිංගප්පූරු යයි

colombotoday