Colombo Today Local News

”පාස්කු ප්‍රහාරය කල්තියා අපිට දැන්වූවත් රජයේ වඟකීමක් නිසා නිහඬව සිටියා” – මහින්ද යාපා

අප්‍රේල් 21 වනදා එල්ල වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ගැන අප්‍රේල් 09 වනදා වන විට තමා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනගන්නට ලැබී තිබුණු බවත් ඒ පිළිබඳ පියවර ගැනීම රජයේ වගකීමක් නිසා නිහඬව සිටි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන පැවසුවා.

මන්ත්‍රීවරයා ඒ බව ප්‍රකාශ කළේ පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

අප්‍රේල් 09 වනදා තමන් ඇතුළු ප්‍රභූවරුන්ගේ ආරක්ෂාවට සිටි ආරක්ෂක අංශ වලට ප්‍රහාරයක් පිළිබඳ අනතුරු හඟවමින් ලිපියක් ලැබුණු බවත් ආරක්ෂක අංශ සමඟ ඇති හිතවත්කම නිසා එම නිලධාරීන් තමන්ට ද ඒ පිළිබඳව දැන්වූ බවත් ඔහු මෙහිදී කියා සිටියා.

ඒ සම්බන්ධයෙන් වන ලිපියේ පිටපතක් තමා සතුව ද ඇති බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ.

Related posts

පාස්කු ප්‍රහාරයේ මුලික අයිතිවාසිකම් පෙස්සම් තීන්දුව හෙට

Admin

ලංකාවටම දිසාපතිවරු පත් කරන්නේ ගාල්ලෙන්ද? ජනපති වජිරගෙන් අසයි

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට බිත්තර පාලන මිල ඉවතට

Admin

අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩික්කරු පොලිසියෙන් වෙඩි කා නසී

colombotoday

පනත් කෙටුම්පත් දෙකකට කතානායකගේ සහතිකය

colombotoday

ළමයින් තලා පෙළන රියැලිටි වැඩසටහන්වලට තිත ?

colombotoday