Colombo Today Local News

ජනපති පොරොන්දුවක් ඉටු කරයි… වතු කම්කරු වැටුප රු 1000 දක්වා ඉහළට !

2020 මාර්තු 01 වනදා සිට වතු කම්කරුවෙකුගේ දෛනික අවම වැටුප රුපියල් දහසක් විය. යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත.

මීට සමගාමීව යටිතල පහසුකම් ඇතුළු වතු ක්ෂේත්‍රයේ සියලු අංශ කඩිනම් සංවර්ධනයට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

තේ කර්මාන්තයේ ගුණාත්මකභාවය සහ ඵලදායීතාව ඉහළ නැංවිමට රජය පියවර රැසක් ගෙන තිබේ.

දැනට බලපැවැත්වෙන බදු ඉවත් කිරීම, පොහොර සහනාධාරය ඇතුළු සහන රැසක් මීට ඇතුළත්ය.

මේ සහන හිමිවන්නේවතු සමාගම්වලට බැවින් එහි ප්‍රතිලාභ වතු කම්කරුවාට ද හිමි විය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

නිෂ්පාදන සහ කර්මාන්ත ක්ෂේත්‍ර ලබන දියුණුවට සමගාමීව එහි ප්‍රතිලාභ කම්කරුවාට හිමිකරදීම රජයේ අපේක්ෂාව බව ජනාධිපතිවරයා පවසයි.

Related posts

පොලිසිය කියන්නෙ බොරු.. පිළිගන්න එපා – ඇප ලබා පැමිණි ලාල්කාන්ත කියන දේ

colombotoday

කන්ටේනර් රථයක් දුම්රියක ගැටෙයි

Admin

ආගමික ස්ථානවල සූර්ය පැනල සවිකිරීම අරඹයි

Admin

LTTE ය තවදුරටත් සක්‍රීයයි… ත්‍රස්ත සංවිධානයක් ලෙස ඇමරිකාව නම් කරයි…

colombotoday

කුලියට ගත් වාහන ව්‍යාජ ලේඛන සකසා විකුණලා

Admin

ඡන්දයට එරෙහි පෙත්සම් විභාගයට විනිසුරු ප්‍රසන්න ජයවර්ධනත්. ඔහුගේ දියණිය රනිල්ගේ සේවිකාවක්

colombotoday