Colombo Today Local News

ට්‍රම්ප් අඩියක් පස්සට ගනී… ඉරානයට එරෙහිව යුද්ධය වෙනුවට දැඩි සම්බන්ධක පනවන බව කියයි !

ඉරාකයේ පිහිටි සිය ගුවන් කඳවුරුවලට ඉරානය එල්ල කළ ප්‍රහාරයෙන් කිසිදු ජිවිත හානියක් සිදුනොවූ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඉරාන-ඇමරිකානු යුද උණුසුම පිළිබදව ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ තම සෙබළුන් ආරක්ෂා සහිතව සිටින බවයි.

එහෙත් ඉරානය කලින් ප්‍රකාශ කර සිටියේ තමන් එල්ල කළ ප්‍රහාර වලින් අමෙරිකානු සෙබළුන් 80 දෙනෙක් ජිවිතක්ෂයට පත්වු බවයි.

අමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය ගිය ඉරාන විප්ලවවාදී හමුදාවේ මේජර් ජෙනරල් කසේම් සුලෙයිමානී ලොව ප්‍රබලම ත්‍රස්තවාදියෙකු බවයි මෙහිදි අමෙරිකානු ජනාධිපතිවරයා සදහන් කර සිටියේ.

2015 වර්ෂයේ ඇති කර ගත් ඉරාන න්‍යෂ්ඨික ගනුදෙනුව දැඩිව විවේචනය කළ අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ලෝකය සුරක්ෂිත සහ සාමකාමී ස්ථානයක් බවට පත් කිරීමට නම් ඉරානය සමඟ ගනුදෙනුවක් කිරීමට සැවොම එක්විය යුතු බවයි.

මැදපෙරදිග ඉන්ධන අමෙරිකාවට අවශ්‍ය නොවන බවයි මෙහිදි අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ.

තමන් බලයේ සිටින තාක් ඉරානයට කිසිදු විටක න්‍යෂ්ටික අවි භාවිත කිරිමට ඉඩ නොදෙන බවද ඔහු කියා සිටියා.

එමෙන්ම ඉදිරියේදි ඉරානයට එරෙහිව දැඩි සම්බාධක පැනවිමට පියවර ගන්නා බවත් එල්ලවු ප්‍රහාරයට පිලිතුර එය බවද මෙහිදි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය අමතා කියා සදහන් කර සිටියා.

ඉරානයට එරෙහිව ප්‍රති ප්‍රහාර එල්ල කිරිමට අමෙරිකානු ජනාධිපතිවරයා පියවර නොගැනිම සම්බන්ධයෙන් ලොවපුරා අවධානයට ලක්ව තිබෙනවා.

Related posts

සමාජ මාධ්‍ය පාලනයට නව පනතක්..

colombotoday

ඥානසාර හාමුදුරුවෝ එදාට වඩා අද පරිණතයි. දුර ගමනක් තිබෙනවා. බැරි මොකද්ද කියලා හිතා ගන්න බෑ. | ඕමාරේ කස්සප අනු නාහිමි මූණටම කියති.

colombotoday

නිරෝධායන නීති ක්‍රියාත්මක කිරීමේදී මහජනතාව අපහසුතාවයට පත් කරන්න එපා – පොලිස්පතිගෙන් නව චක්‍රලේඛයක්

colombotoday

ඇමති ජනක බණ්ඩාරට එරෙහි මිනීමැරුම් නඩුවක් අභියාචනාධිකරණය බලරහිත කරයි

colombotoday

“ගිය ආණ්ඩුවෙන් ගත්ත ණය ගෙවන්න මේ ආණ්ඩුව ණය ගන්නවා කියන්නේ පට්ටපල් බොරුවක්” – හිටපු ජනපති

colombotoday

[Video] ආරක්ෂකයන් රොත්තක් පිරිවරා අගමැති ත්‍රීවීලරයකින් වීදි සංචාරයේ !

colombotoday