ආන්දෝලනයට ලක්ව ඇති හිටපු අමාත්‍ය රන්ජන් රාමානායක මහතා විසින් විවිධ පුද්ගලයන්ට ලබා දුන් දුරකථන සංවාද ඇතුලත් හඩ පට ප්‍රසිද්ධියට පත්කර ඇත්තේ ඔහුගේ ලේකම්වරයෙකු බව පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.
කෙසේ වෙතත් පුද්ගලිකත්වයට හානි කරන අයුරින් රන්ජන් රාමනායක හිටපු ඇමතිවරයා විසින් දුරකථන සංවාද පටිගත කිරීම තමන් අනුමත නොකරන බවත් ඒවා ගොං වැඩ බවත් ඇය පෙන්වා දෙයි.