Colombo Today Local News

රාජිතගෙන් යළිත් අපේක්ෂිත ඇප අයැදුම්පතක්

සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමා අත්අඩංගුවට ගැනීම වළක්වමින් ඇප මත මුදාහරින්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නැවත අපේක්ෂිත ඇප අයැදුම්පතක් අද(20) අධිකරණයට ඉදිරිපත් කර ඇත.
 
ලබන සඳුදා(23) එම ඉල්ලීම සළකා බලන ලෙසට එම අයැදුමෙන් ඉල්ලා ඇත.
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ(19) හිටපු අමාත්‍යවරයා අධිකරණය හමුවේ ඉදිරිපත් කළ අපේක්ෂිත අයැදුම්පත අද(20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ප්‍රතික්ෂේප කරනු ලැබීය.

ඒ අත්අඩංගුවට ගැනීම කුමන  වරදක් මත සිදුකරයිද යන්න පැහැදිලිව පෙත්සමේ සඳහන් කර නොමැති වීම හේතුවෙනි.

Related posts

මන්ත්‍රීවරුන් හෝ අමාත්‍යවරුන් නොවන අයගේ ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් 5400ක් ඉන්න තැන් සොයයි

Admin

නුවරඑළිය කන්තෝරුව ලියුම් බෙදන්නයි මුද්දර බෙදන්නයි විතරයි

Admin

“මෛත්‍රී – රනිල් දේශපාලන විවාහය සදාකාලිකයි.. කුහකයිනි එය දික්කසාද කරනව බොරු” – සජිත්

colombotoday

29ට ප්‍රථම නිල නිවාස බාර නොදුන්නොත් නඩු

Admin

“උතුරු-නැගෙනහිරින් සිංහලයන් එලවනවාද නැද්ද.. TNA මන්ත්‍රී ජනමතවිචාරණයක් ඉල්ලයි

colombotoday

කෘතිම කහ නිසා රට ලෙඩවීමේ අවදානමක්

colombotoday