Colombo Today Local News

ශානිගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු හිටපු අධ්‍යක්ෂ හා  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ෂානි අබේසේකර මහතා අද (20දා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාව සිටියදී තමන්ව ගාල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහයකයකු ලෙස තනතුරින් පහළ හෙළීමෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව පවසමින්, ඊට වන්දි ලෙස රුපියල් කෝටියක් රජයෙන් අය කර දෙන ලෙස ඉල්ලා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර ඇත.

එසේම තමාගේ තනතුර  පහළ දැමීමට ගත් තීරණය  අවලංගු කර නැවතත් රහස් පොලිස් අධ්‍යක්ෂක තනතුරේ පිහිටුවන නියෝගයක් නිකුත් කරන්නැයි ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා ඉල්ලා සිටී.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පති ,  ජාතික පොලිස් කොමිසම සභාපති ඇතුළු සාමාජිකයන් , නීතිපති ඇතුළු 17 දෙනෙක් නම් කරනු ලැබ සිටිති.

Related posts

1818 උඩරට කැරැල්ලේ සැබෑ නායකයන් වූ වෙල්ලස්සේ වීරයෝ

colombotoday

සිරකරුවන් 600 කට ජනපති පොදු සමාව

colombotoday

සිත කළකිරෙයි

Admin

ඩඩ්ලි කෝටි 10ක් අනුරට දුන්නා බොරුනම් නඩු දමනු

Admin

බේබදු පියා තුන් හැවිරිදි දරුවාව උණු වතුර දමා පුච්චලා

Admin

නියෝගය පිළිපැදීමට බැඳීම් නැහැ – අජිත් රෝහණගෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයට ලිපියක්

Admin