Colombo Today Local News

හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානීට 20යි – දැව සංස්ථා සභාපතිට වසර 12යි. බරපතල වැඩ සහිත සිරදඬුවම්

හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.එච්.කේ.මහානාම සහ දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායක යන මහත්වරුන්ට අද (19) කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් සිරදඬුවම් නියම කරන ලදී.

එහිදී අයි.එච්.කේ. මහානාම මහතාට වසර 20 ක් ද පී.දිසානායක මහතාට වසර 12 ක ද බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කෙරිණි.

රුපියල් මිලියන 20 ක් අල්ලස් ලබාගත්තැයි මොවුනට එරෙහිව ඇති චෝදනාව වේ. මහාධිකරණය විසින් අද එම නඩුව කැඳවූ අවස්ථාවේ දී මෙම නියෝගය නිකුත් කළේය.

Related posts

දෙහිවල-ගල්කිස්සේ බලයත් පොහොට්ටුව අල්ලයි.. නගරාධිපති පොහොට්ටුවෙන්…

colombotoday

බේකරි හිමියන් පාලන මිලෙන් ඉවත් වෙයි

colombotoday

‘අතිබහුතරයක් ජනතාව ඉන්නෙ රාජපක්ෂවරුන්ගේ දේශපාලනය මේ රටට අවශ්‍යයි කියන ස්ථාවරයේ’ – සාගර කාරියවසම්

colombotoday

සිමෙන්ති සෙස් බද්ද ඉහළ දමයි

Admin

විශ්වාසභංගයෙන් ඒකාබද්ධය ලැබූ ජයග්‍රහණ 4ක් – හිටපු ජනපති හෙළි කරයි

colombotoday

උදය ගම්මන්පිල රජය දුෂිතයි කියලා තියෙනවා නම් ආණ්ඩුව ඇතුළේ සිටිය නොහැකියි. – අමාත්‍ය ශෙහාන් සේමසිංහ

colombotoday