Colombo Today Local News

මඩකලපුවෙන් අත්බෝම්බ 24ක් සොයා ගැනේ

මඩකලපුව කාන්චරම්කුඩා වේකන්ද වෙල්යායේ අත්හැරදමා තිබුණු  අත්බෝම්බ 24ක්  විශේෂ පොලිස් බලකායේ බෝම්බ නිෂ්ක්‍රිය අංශය මගින්  ඊයේ (30)  සොයාගෙන එම ප්‍රදේශයේ නිෂ්ක්‍රිය  කල බව  කොක්කටිච්චෝලයි පොලීසිය  පවසයි

කොක්කටිච්චෝලයි පොලිස් වසමේ කන්චරම්කුඩාහි වෙල්යායක්   අසල පස්කන්දක වැලි කැනීම් කළ  ප්‍රදේශයේ  අත්බෝම්බ දුටු  ගොවීන්  මේ පිළිබඳව පොලීසිය දැනුවත් කර ඇත.

ඉන්අනතුරුව  එම ප්‍රදේශයේ අත්හැර දමා තිබුණු අත්බෝම්බ  විශේෂ  පොලි ස්  බලකාය මගින් ඒවා නිෂ්ක්‍රිය කිරිම  සදහා අධිකරණ  නියෝගය ලබාගෙන  එම  ප්‍රදේශයේ පස් කැනීම් යන්ත්‍රය මගින්  ඊයේ දිවා කාලයේ සෝදිසි මෙහෙයුමේ යෙදී අත්බෝම්බ  24 ක් සොයාගෙන  පුපුරන ලදී

පසුගිය  කාලයේ  කොටෝ පාලනයේ තිබු මෙම ප්‍රදේශය  පස් කන්දේ  කොටින් විසින් වළලා ඇති බවට  සැකකරන  අතර  මෙම පස් කන්ද  පස් කැනීමෙන් පසු වරුසාව නිසා  පස් දියයාම නිසා   මෙම බෝම්බ මතුවි  ඇති බවට  පොලීසිය පවසයි

මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ  කොක්කටිච්චෝල පොලීසිය  පවත්වයි.

Related posts

රාමලාන් නිසා මුස්ලිම් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කලින් ඉල්ලයි

colombotoday

බොදු බල සේනා තරුණ සමුළුව – සජීවී විකාශය

colombotoday

කාන්තා නේවාසිකාගාරයකට රිංගන්න ගිය අයෙක් ගොඩනැගිල්ලෙන් වැටි මරුට

colombotoday

දිගන කෝටිපති ව්‍යාපාරිකයා මිය ගිය හැටි හෙළි වෙයි

Admin

බැසිල්ට උඩින් යන්න දිවි නැඟුමේ කෝටි 15ක්

colombotoday

සාමාන්‍ය පෙළ අසමත් DIG, මහසෝන් බලකායෙන් මරණ තර්ජන කියා යුරෝපයට පනින්න සුදානම්

colombotoday