Colombo Today Local News

සජිත් ජනාධිපතිවරණයට මිලියන 260ක් ණය වෙලා. දැන් ණය ගෙවන්නේ කොහොමදැයි කල්පනා කල්පනා කරමින් ඉන්නවා. – තිනියාවල පාලිත හිමි

විපක්ෂනායක කම, පක්ෂ නායක කම ඇතුලූ කිසිදු තනතුරක් තමන් බලාපොරොත්තු නොවන බවත්  මන්ත‍්‍රීවරු පිරිසක් පැමිණ  තමන්ට ඒ ගැන  කරදර කරන බවත් ජනාධිපතිවරණයෙන් පසු සජිත් පේ‍්‍රමදාස මහතා මහා සංඝ රත්නයට දැනුම් දුන් බවත්  එක්සත් භික්ෂු පෙරමුණේ ලේකම් තිනියාවල පාලිත හිමියෝ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී  අද(16) පැවසූහ.
 
තමන් ජනාධිපතිවරණය වෙනුවෙන් රුපියල් මිලියන 260ක් ණය වී ඇති බවත් එම ණය ගෙවීම පිළිබද කල්පනා කල්පනා කරමින් සිටින බවත් සජිත් පේ‍්‍රමදාස මහතා පැවසූ බවත් උන්වහන්සේ සදහන් කළහ.
 
බෙදී වෙන්වනවා වෙනුවට එකමුතුව කටයුතු කර පක්ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවෙන්නයි එක්සත් ජාතික පක්ෂයේ සියලූම මන්ත‍්‍රීවරුන්ට උපදෙස් දෙන බවත්  පැවසූ තිනියාවල පාලිත හිමියෝ ඒ වෙනුවෙන් එක්සත් ජිතික පක්ෂ මන්ත‍්‍රීවරුන් මහින්ද රාජපක්ෂ මහතාගෙන් ටියුෂන් ගත යුතු බවත් පැවැසූහ.
 
එක්සත් භික්ෂු පෙරමුණ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී  කැදවූ මාධ්‍ය හමුවකට එක්වෙමින්  උන්වහන්සේ  මේ බව පැවැසූහ.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තිනියාවල පාලිත හිමියෝ මෙසේද කීහ.

‘‘මේ වනවිට එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදයක් හටගෙන තිබෙනවා. අපට ඡුන්දය ලබාදුන්න පනස් පන්ලක්ෂයකට  අධික ජනතාවගේ යහපත වෙනුවෙන් සමගියෙන් සමාදානයෙන් මේක විසදන්න අපි 

උත්සාහ කළා.  ටොන් ගණන්වලින් අවවාද කළත් මිලිග‍්‍රෑම්  වලින්වත් අපේ අවවාද අනුශාසනා භාරගන්නවාද කියලා  අපිට පේන්නෙ නැහැ.

බල්ලට හුඟක්  යාලූවො ඉන්න හේතුව තමයි බල්ලා  දිව වෙනුවට වලිගය වනනවා. අපිට බොහො වෙලාවට මිනිස්සු තරහ වෙන්නයි, යාලූවො  නැති වෙන්නයි එක හේතුවක් තමයි අපි වලිගය වෙනුවට දිව වනනවා.  ඒ නිසා අපි කියන්න  ඕන කාරණය බය නැතුව ප‍්‍රකාශ කරනවා. 

ඞී. එස්  සේනානායක මහත්තයගේ ඉදන් 2019 දක්වා එක්සත් ජාතික  පක්ෂයේ සිංහල බෞද්ධ පදනම වෙනස් වුනේ නැහැ. එජාපයට  හැම විටම ලියාපදිංචි ඡුන්ද සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක්  බෞද්ධ ඡන්ද ලැබිලා තියෙනවා.කොළඹ, ගාල්ල, මාතර, හම්බන්තොට, කරුණෑගල දිස්ත‍්‍රීක්ක පහෙන්  2005 දී රනිල් වික‍්‍රමසිංහ මහත්තයා ලබාගත් ඡන්ද සංඛ්‍යාව  අවුරුදු 14 කට පස්සේ සජිත් මහත්තයට ලබාගන්න පුලූවන් වෙලා නැහැ. එජාපයේ ඉන්න ජනපි‍්‍රයතම  සුදුසුම අපේක්ෂකයා කවුද කියලා පාක්ෂිකයන් විමසිලිමත් විය යුතුයි.  අපි මේ දෙන්නටම ආදරෙයි.

මමත් බෝපිටිය ධම්මිස්සර හිමියන් ඇතුලූ  අපි දහනමක් විතර ගිහින් සජිත් ප්‍රේ‍්‍රමදාස මහතා මුන ගැහුණා. අපි කිව්වා සමගියෙන් සාමදානයෙන් ඉදිරියට  යන්න කියලා. එතුමන් කිව්වා මට කිසිම තනතුරක් එපා, මට මන්ත‍්‍රීකමත් එපා, විපක්ෂනායකකමත් එපා, පක්ෂ නායක කමත් එපා, මට මිලියන දෙසීහැට ගාණක්  ගෙවන්න තියෙනවා මම ඒක ගෙවාගන්න  බැරුව තමයි මම ෆෝන්  ඕෆ් කරගෙන ඉන්නේ කියලා.‘

Related posts

ඌවතැන්නේ සුමන හිමි 24තෙක් ‍යළි රිමාන්ඩ්

Admin

පියසේන ගමගේ ඇමති ධුරයක දිවුරයි !

colombotoday

හමුදාවට ගහද්දි සේනාධිනායකයා නිහඩ ඇයි – ගෝඨා ප්‍රශ්න කරයි.

colombotoday

අගමැතිටත්, ජනපතිටත් උඩින් ආර්ථිකය මෙහෙයවන අදෘෂ්‍යමාන බලවේගයක් ගැන රවී කියයි

colombotoday

TNA, ජවිපෙ සමග එජාප ජාතික ආණ්ඩුවක්…

colombotoday

මධූෂ්ගේ ඩුබායි සාදයට සහභාගී වු සංවිධානාත්මක අපරාධකරුවෙක් අත්අඩංගුවේ

colombotoday