Colombo Today Local News

රෝහිත බෝගොල්ලාගම අල්ලස් නඩුවෙන් නිදහස් – අධ්‍යක්ෂකවරු තිදෙනාගේ අත්සන් ඇතුව අවශ්‍යනම් යලි නඩු පවරන්න නියෝග

හිටපු අමාත්‍යවරයෙක් මෙන්ම හිටපු ආණ්ඩුකාරවරයෙක්ද වන රෝහිත බෝගොල්ලාගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම පනවා තිබූ නඩුවෙන් ඔහු නිදහස් කර තිබේ.

ඔහු නිදහස් කිරිමට අදාළ නියෝගය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(13දා) නියෝග කළාය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සිටිමින් එම ධූරය අයුතු ලෙස භාවිත කර බ්‍රිතාන්‍ය ලන්ඩන් නුවර පැවති හමුවකට සහභාගී වීමේදී සිදුවුණා යැයි කියන සිද්ධියට අදාළව අල්ලස් කොමිසම දූෂණය වගන්තිය යටතේ මෙම චෝදනාව ගොනු කර තිබිණි.

කොමිෂන් සභාවේ අධ්‍යක්ෂකවරුන් තිදෙනාගේ අනුමැතියකින් තොරව මෙම නඩුව ගොනුකිරීම හේතුවෙන් චෝදනාවලින් ඔහුව නිදහස් කරන ලෙසට  කොළඹ මහාධිකරණය නියෝග කර තිබිණි. එම නියෝගය අනුව මෙසේ රෝහිත බෝගොල්ලාගම මහතාට නිදහස හිමිවිය.

එසේම අධ්‍යක්ෂකවරුන් තිදෙනාගේ අනුමැතියකින් යුතුව නැවත නඩු පැවරීමට හැකි බවද එම නියෝගයේ සඳහන් වෙයි.

Related posts

මුජුබර් රහුමාන් ඇදපු අන්චියෙන් ඥානසාර හිමි නිදහස් කිරීමට අධිකරණය නියෝග කරයි.

colombotoday

දිවයිනේ සියලු පාසල් හෙට වසා තැබෙයි

colombotoday

ඩොලරය ඉහළ යයි

Admin

විමල්ට අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි

colombotoday

ඇදිරි නීතිය ඉවත් කෙරේ.. ආරක්ෂාව තර කෙරේ

colombotoday

රුපියල තවත් පහළට

Admin